යහපාලන අප නිසා මහින්ද බේරුනා.. නැතිනම් විදෙස් ගමන් පවා තහනම් කරන්නයි හිටියේ..
March 29, 2017 at 10:40 am | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට එරෙහිව ජාතන්තරය විසින් පැනවීමට තිබූ විදෙස් ගමන් තහනමක් වැලකී ගියේ යහපාලන ආණ්ඩුව බලයටපැමිණි නිසා බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි.
විදේශ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
2014 ජීනීවා සමුළුවේදී මෙරටට සහාය පල කලේ රටවල් 12ක් වුවත් මෙවර ජිනීවා සමුළුවේදී රටවල් 47ක් සහාය පල කල බව කී ඇමතිවරයා යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ මේ වන විට ඇති විශ්වාසය ඉන් පැහැදිලි වන්නේ යයිද පැවසීය.