යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කල අයවැය තුනම මිත්‍යාවන් බව ඔප්පුවී අවසන්.. සංඛ්‍යා ලේඛන මෙන්න..

November 10, 2017 at 3:34 am | lanka C news
යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කල අයවැය තුනම මිත්‍යාවන් බව ඔප්පුවී අවසන්.. සංඛ්‍යා ලේඛන මෙන්න..

වත්මන් පාලකයන්ගේ දක්ෂකම නිසා රජය හරහා රටේ ආර්ථිකයට මුදල ගලා යාම අඩපන වී ඇති බව ආචාර්ය ගොඩහේවා මහතා පෙන්වා දෙනයි.

බන්දුල ගුනවර්ධණ මහතා විසින් රචිත ‘අයවැය මිත්‍යාව සහ යථාර්තය ‘ ග්‍රන්තය එළිදැක්වීමෙදී දේශනයක් කරමින ඔහු මෙය හෙලිකලේය.

වත්මන් යහපාලන ආන්ඩුව මෙතෙක් ඉදිරිපත් කල අයවැය 3 ම මිත්‍යාවන් බව ඔප්පුවී අවසන්. අයවැයෙන් ලොකුවට ප්‍රතිපාදන වෙන්කරා කීවාට ඇත්තටම එම මුදල් අමාත්‍යාංශ වලට යන පාටක් නැහැ. ගියත් මේ අයට වැඩ බැරි නිසා බාරගත් ව්‍යාපෘතිත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

2016 අයවැයෙන් විවිධ අමාත්‍යාංශවලට දුන් ප්‍රතිපාදන කිහිපයක් උදාහරණයට ගෙන බලමු.

අධ්‍යාපනයට වෙන් කල මුදල රුපියල් බිලියන 203 ඇත්තෙන්ම කරපු වැඩ ප්‍රමානයේ වටිනාකම රුපියල් බිලියන 65 ප්‍රගතිය 32%

මෙගාපොලිස් අමාත්‍යාංශයට වෙන් කල මුදල රුපියල් බිලියන 30, ඇත්තෙන්ම කරපු වැඩ ප්‍රමානයේ වටිනාකම රුපියල් බිලියන 13 ප්‍රගතිය 44%

මහවැලි සංවර්ධනය හා පරිසරය සඳහා වෙන් කල මුදල රුපියල් බිලියන 69 ඇත්තෙන්ම කරපු වැඩ ප්‍රමානයේ වටිනාකම රුපියල් බිලියන 45 ප්‍රගතිය 66%

විදුලි සන්දේශ යටිතල පහසුකම් දියුනුවට වෙන් කල මුදල රුපියල් මිලියන 1,577 ඇත්තෙන්ම කරපු වැඩ ප්‍රමානයේ වටිනාකම රුපියල් මිලියන 996 ප්‍රගතිය 63%

වාරිමාර්ග හා ජල සම්පත් සංවර්ධනය සඳහා වෙන් කල මුදල රුපියල් බිලියන 30 ඇත්තෙන්ම කරපු වැඩ ප්‍රමානයේ වටිනාකම රුපියල් බිලියන 18 ප්‍රගතිය 62%

ක්‍රීඩා සංවර්ධනය සඳහා වෙන් කල මුදල රුපියල් බිලියන 3.4 ඇත්තෙන්ම කරපු වැඩ ප්‍රමානයේ වටිනාකම රුපියල් බිලියන 2.4 ප්‍රගතිය 70%

2016 සමස්ථ අයවැය ප්‍රතිපාදන වූ රුපියල් බිලියන 3898 න් ඇත්තෙන්ම රජය ප්‍රතිපාදන ලැබී ඇත්තේ හෝ වැඩ කර ඇත්තේ රුපියල් බිලියන 3106 ක පමනයි. ප්‍රගතිය 79%

2016 දී අයවැය ඌන අපයෝජනය රුපියල් බිලියන 792 ක්. ඉන් පැහැදිලිවම පෙන්වන්නේ වත්මන් රජය වගකීම් ඉටුකිරීමෙහිලා මොනතරම් අකාර්යක්ෂම ද යන්නයි.

රුපියල් බිලියන 792 කින් හම්බන්තොට වැනි වරායවල් 5 ක් ලංකාව වටේට හදන්න තිබුනා මත්තල වගේ ගුවන් තොටුපොලවල් 30 ක් හදන්න තුබුනා. කොළබ කටුනායන අධිවෙගී මාර්ගය වගේ 20 ක් හදන්න තිබුනා.නවීන පන්නයේ ගෙවල් ලක්ෂ 15 කට වඩා හදන්න තිබ්බා.

රජය යනු රටේ විශාලතම ගනුදෙනු කරුයි. අයවැයෙන් සැලසුම් කල මුදලින් මේ සා විශාල ප්‍රමාණයක් මුදල් රටේ ආර්ථිකයට එකතු නොවීම ආර්ථිකයට විශාල ගැටලුවක්. එය රටේ මුදල් සංසරණයට ඍජුවම බලපානවා. මේක තමයි අපේ රටෙ සාමාන්‍යය මිනිස්සු හා ව්‍යාපාරිකයෝ ඔවුන්ට තේරෙන සරල බාසාවෙන් කියන්නේ රටේ කාගෙවත් අතේ මුදල් නැහැ කියල.

– චමින්ද කරුනාරත්න

27 views

2 Comments to “යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කල අයවැය තුනම මිත්‍යාවන් බව ඔප්පුවී අවසන්.. සංඛ්‍යා ලේඛන මෙන්න..”

  1. Nim says:

    62 TA DAN SATHUTUDA?
    RATATA NAM ASATHUTI !

  2. බන්ඩය්යා says:

    ටිකක් හොයල බලන්න: යහපාලන රජය යටතේ මේ වෙනකොට රට වටේම තියන සෑම ගම කම ‘ගන්ජ’ සහ ‘කුඩු’ බිස්නස් එක අති සාර්තකව ඉදිරියට යනවා.

Main News