යහපාලන ආණ්ඩුව තිබුනනම් කොරෝනාවෙන් රටේ බාගයක් මැරිලා.. රට විශාලා මහනුවරක් වෙලා…

August 22, 2021 at 10:40 am | lanka C news
යහපාලන ආණ්ඩුව තිබුනනම් කොරෝනාවෙන් රටේ බාගයක් මැරිලා.. රට විශාලා මහනුවරක් වෙලා…

කොරෝනා වසංගතය පැවතෙද්දී යහපාලන ආණ්ඩුව තිබුණේ නම් අද වන විට රටෙන් භාගයක් මියගොස් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

පසුගිය දිනවල දිනකට 150කට වැඩි වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වූ බවද පැවසූ ඔහු විපක්ෂය ආණ්ඩුව කරද්දී කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණු බවත් එවන් පිරිසක් අද කොරෝනා ගැන කතා කරන බවත් කියා සිටියේය.

කොරෝනා නිසා අසරණ වන මිනිසුන්ගේ කඳුළු මතින් දේශපාලනය නොකරන්නැයි ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

පසුගිය යහපාලන ආණ්ඩුව මේ වන විට තිබුණේ නම් රට විශාලා මහනුවරක් වී අවසන් යයි ඔහු තවදුරටත් කීය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

14,823 views

33 Comments to “යහපාලන ආණ්ඩුව තිබුනනම් කොරෝනාවෙන් රටේ බාගයක් මැරිලා.. රට විශාලා මහනුවරක් වෙලා…”

  1. Maala Kadannaa says:

    Yaha aalane nomeyi, wena mona aanduak wath Me aanduwa tharam ikmanata peechan wune naha. E bawa moota notherenne moo booruwk nisa wennathi!