යහපාලන ආණ්ඩුව පොලිසියට, අධිකරණයට බලපෑම් කලා.. මේ අපේ ආණ්ඩුව එහෙම කරන්නේ නෑ..

March 18, 2021 at 12:40 pm | lanka C news
යහපාලන ආණ්ඩුව පොලිසියට, අධිකරණයට බලපෑම් කලා.. මේ අපේ ආණ්ඩුව එහෙම කරන්නේ නෑ..

වත්මන් රජය යහපාලනය මෙන් පොලීසියට හා අධිකරණ ක්‍රියාවලියට බලපෑම් නොකරන බවත් එම ආයතනයන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වත්තල, දික්ඕවිට පැවති පාලම් ව්‍යාපෘතියකට සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

මහ බැංකු වංචාව මෙන්ම පාස්කු ප්‍රහාරයේ වැරදි කරුවන්ට රටේ පවතින නීතිය අනුව දඩුවම් ලබා දීමට කටයතු කරනවා. යහ පාලනය මෙන් දේශපාලන පලි ගැනීම් සිදු කරන්නේ නැහැ. අසාද් සාලී වැනි පුද්ගලයින් උත්සහ ගන්නේ විවිධ අන්තවාදී අදහස් ප්‍රකාශ කරමින් ජාතික සමගියට බාධා කරමින් සිය දේශපාලන වාසි ලබා ගැනීමටයි. රටේ සියලු පුරවැසියන් රටේ පවතින නීතියට අනුව කටයුතු කළ යුතුයි. කවුරුන් හෝ රටේ නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කරනවානම් ඔවුනට නීතිය ක්‍රියාත්මක කල යුතුයි. එවැනි පාර්ශවයන් දේශපාලනමය වශයෙන්ද පරාජය කළ යුතුයි. අන්තවාදය පෝෂණය කිරීමට වත්මන් රජය කිසිසේත් ඉඩ තබන්නේ නැහැ.

අපිට මතකයි පසුගිය යහ පාලන රජය පොලිසීය හා අධිකරණ ක්‍රියාවලියට බාධා කරමින් දේශපාලන වාසි ලබා ගැනීම සදහා එම ස්වාධීන ආයතන වලට බලපෑම් කළා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මේ රජය එම ආයතන වලට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබද කොමිෂන් වාර්තාව නීතිපතිතුමාට යොමු කරලා තිබෙනවා. ඒ අනුව එතුමා එහි ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇති බවට අපට විශ්වාසයක් තිබෙනවා.

මහ බැංකු බැදුම්කර වංචාව හා පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– Media Unit

6,527 views

7 Comments to “යහපාලන ආණ්ඩුව පොලිසියට, අධිකරණයට බලපෑම් කලා.. මේ අපේ ආණ්ඩුව එහෙම කරන්නේ නෑ..”

  1. බූරු පුතාණෝ සජියා says:

    ජනාධිපති පත්කරපු අධිකරණය ට තවත් මොන බලපෑමක්ද කරන්න තියෙන්නෙ.

  2. සිසිල් සුදේශ් says:

    කුඩු මුදලාලිගෙ ගෙදර stf එකෙන් පරීක්ෂා කළාම රටේ ලොක්කා හෙලිකොප්ටර් එකෙන් ඇවිත් කුඩු මුදලාලි බදාගෙන stf කාරයො යාපනේට මාරු කරපු අතීතය මතකයි.

  3. Mtmmanvar says:

    Yako lansa kiyapanko seen walin gasakapu ewuntath danduwam denawa kiyala. Ane umbeth Amma……

  4. ජගත් says:

    කෙලින්ම විනිශ්චකාරයෝ මාරු කරලා පස්ස බලන්නේ.

  5. Eka thama okkomala nidos nidahas wenne

  6. Kiribanda says:

    Eka thama okkomala nidos nidahas wenne

  7. නිමල් says:

    තොපි කාගෙත් ආන්ඩු එකයි

Main News