යහපාලන ආසන සංවිධායකයා ඡන්ද නීති පයින් පාගයි.. පොලීසිය සීල් තැබූ බඩු උස්සා බෙදන්න සූදානම්..

January 23, 2018 at 6:48 pm | lanka C news
යහපාලන ආසන සංවිධායකයා ඡන්ද නීති පයින් පාගයි.. පොලීසිය සීල් තැබූ බඩු උස්සා බෙදන්න සූදානම්..

මැතිවරණ සමයේ බෙදා දීමට සූදානම් කර තිබියදී මිනුවන්ගොඩ පොලීසිය විසින් සීල් තබන ලද ගෑස් ලිප් තොගයක් හොර පාරෙන් එළියට ගැනීමට ශ්‍රීලනිපයේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ ආසන සංවිධායකවරයෙක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගබඩා කර තිබෙන ගෑස් ලිප් තොගයක් මැතිවරණය ඉලක්ක කරමින් බෙදාදීමට සුදානම් වන බවට ‍ලද තොරතුරක් මත මිනුවන්ගොඩ පොලීසිය එම ගබඩාව පරීක්ෂා කර තිබේ.

ඒ වන විට එහි ගබඩා කර තිබූ ගෑස් ලිප් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුණු අතර පොලීසිය කළ විමසීමේ දී එහි සිටි පුද්ගලයන් කියා ඇත්තේ මෙම ගෑස් ලිප් ව්‍යාපාරික වුමනාවක් සඳහා ගෙන එන ලද බවයි.

‍මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි තමන්ගේ අනෙක් ගබඩාව වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇති බව එම පුද්ගලයන් කී පසුව පොලීසිය ගෑස් ලිප් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබා දී පසුව එම ස්ථාන දෙකටම සීල් තබා ඇත.

මෙම ගෑස් ලිප් මිල දී ගෙන ඇත්තේ ආසන සංවිධාකවරයා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී ලැබුණු මන්ත්‍රී ප්‍රතිපාදනවලින් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ක සඳහන් කරයි.

2014 වසරේ ප්‍රතිපාදනවලින් මිල දී ගත් මෙම ගෑස් ලිප් මෙවර මැතිවරණයේ දී ශ‍්‍රීලනිපයට වාසි සහගත තත්ත්වයක් උදා කර ගැනීමේ අරමුණෙන් බෙදාහැරීමට සැලසුම් කර තිබී ඇත.

ව්‍යාපාරික වුවමනාවකට ගෙන එන ලද බව කියා පොලීසිය නොමඟ යවමින් ගෑස් ලිප් තොගය මැතිවරණයට පෙර මුදා ගැනීමට සංවිධායකවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වී තිබේ.

– විහග

8 views

3 Comments to “යහපාලන ආසන සංවිධායකයා ඡන්ද නීති පයින් පාගයි.. පොලීසිය සීල් තැබූ බඩු උස්සා බෙදන්න සූදානම්..”

  1. සාධාරණ මිනිසා says:

    SLFP කාරයො ඔහොම තමයි

  2. kamalasirikuruwita says:

    කවුද මේ නීති ගරුක පොර ? අයියල දන්නවන කියන්ඩකෝ !

  3. ඔය හූ ඇන්පූ ආනාන්පූද කොටිපූද තව පිටරට නඩේ ගෙන්වාපන් ටිකට් දීලා????

Main News