යහපාලන ඇමතිගේ හිතවතුන් බදවා ගැනීමට සුදුසුකම් අඩුකරයි.. අධිකාරිය බිද වැටේ..
November 22, 2017 at 12:40 pm | lanka C news
යහපාලන ඇමතිවරයාගේ හිතවතුන් පාරිභෝගික අධිකාරියට බදවා ගැනීම සදහා විමර්ශණ නිළධාරීන්ගේ සුදුසුකම් අඩුකිරීමෙන් පාරිභෝගික අධිකාරිය බිද වැටී ඇති බව පාරිභෝගික අයිතීන් සුගකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
යහපාලන ඇමතිවරයාගේ හිතවතුන් පාරිභෝගික අධිකාරියට බදවා ගැනීම සදහා විමර්ශණ නිළධාරීන්ගේ සුදුසුකම් අඩුකිරීමෙන් පාරිභෝගික අධිකාරිය බිද වැටිලා
පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරියෙක් වීම සදහා මීට පෙර තිබුනු සුදුසුකම වන්නේ ආරථික විද්‍යාව කළමනාකරණ හෝ අලෙවිය පිළිබදව උපාධියක් වන අතර පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ඉල්ලීමකට අනුව එම සුදුසුකම කළමණාකරණ සේවා දෙපාර්තමේනතුව විසින් වෙනස්කොට ඇත්තේ ඔනෑම විෂයක් කල උපාධිධාරියෙකු බදවා ගත හැකි ආකාරයටය. ඒ අනුව භාෂාව පිළිබදව හෝ වෙනත් විෂයක් සදහා උපාධියක් ඇති පුද්ගලයෙක් වුවද විමර්ශණ නිළධාරියෙකු ලෙස බදවා ගත හැක.
මෙසේ කිරීම තුලින් විෂයභාර ඇමතිවරයා බලාපොරොත්තු වන්නේ තමාගේ හිතවතුන් පාරිභෝගික කටයුතු අධිකාරියට බදවා ගැනීමටය. මෙසේ කිරීම තුළින් සිදු වන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ ගුණාත්මක බව අඩුවිම වන අතර සාමාන්‍යෙයන් වෙනත් ආයතන වල සිදු කරනුයේ අදාල සුදුසුකම් තවත් වැඩි කිරීමය.
මෙරට සමස්ත පාරිභෝගිකයා ආරක්ෂා කිරිමට 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය ආරක්ෂා කර ගැනීම සදහා මෙරට පාරිභෝගිකයින්ට සිදුවීම යහපාලනයද යන්න අප රජයෙන් අසමු.
රංජිත් විතානගේ
සභාපති
Mata thiyenawa bauddha darshanaya pilibanda upadiyak. Dan ethkota matath apply karanna puluwanne.
Paribogika adhikariya company karayange sakkuweya. eken paribogikayata sethak natha. un wada karanne copany wala salli walata bawa apata therei. ithin ekata moka awama apata moka.