යහපාලන ඇමතිලා ඉන්නේ පටි තදකරගෙනයි.. ආසියාවේ හොදම මුදල් ඇමති කුසලානය ගනිමින් මුදල් ඇමති කියයි…
March 26, 2017 at 9:20 am | lanka C news
ගිය රජය සමයේ පැවති අමාත්‍යංශවල හානිය යහපාලන රජය යටතේ සිදු නොවන බවත් යහපාලන ඇමතිවරුන් පටි තදකරගෙන සිටිනා බවත් මුදල් ඇමති රවී කරුණානායක කියයි.
2017 වසරේ ආසියාවේ හොදම මුදල් ඇමතිවරයාට හිමි සම්මානය ලබා ගැනිම සදහා ලන්ඩනයේ පිහිටි ‘ද බෑන්කර්’ සගරා මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී බීබීසීය හා අදහස් පල කරමින් ඇමතිවරයා මේ අදහස් පල කර ඇත.
අද ලංකාවේ පවතිනනේ විදෙස් ආයෝජකයන්ට විශ්වාසදායක වාතාවරණයක් බවත් ආණ්ඩුව ආයෝජකයන් දිරිමත් කිරීමට කටයුතු කර ඇති බවත් එහිදී පැවසීය.