යහපාලන ඇමතිවරු මහ දවල් හොරකමේ..

September 30, 2016 at 4:40 pm | lanka C news
යහපාලන ඇමතිවරු මහ දවල් හොරකමේ..

දෙමළ සන්ධානයට හා දෙමල ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකල නිසා දැන් ඔවුන් පාරට බසින බවත් එනිසා රටේ ආරක්ෂාවත් විනයත් පිරිහී ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පවසයි.

අද වන විට ආන්ඩුවට විරැද්ද දේශපාලඥයින් විටින් විට අත්අඩංගුවට ගන්නා බවත් රටේ ඇත්තේ කැලෑ නීතිය බවත් විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් දඩයම් කිරීම නිසා රජයට කිසිදු සෙතක් නැතැයිද ඔහු පැවසීය.

‘විපක්‍ෂයට හොරු කියා නඩු දැම්මත් එක හොරෙක්වත් අල්ලා නෑ. යහපාලන ඇමතිවරු මහ දවල් හොරකම් කරද්දී ආන්ඩුව කරබාගෙන ඉන්නවා. හිටපු මහ බැංකු අධිපතිවරයා හොරකම් කලත් කිසිදු පියවරක් ගත්තේ නෑ.

එදා තිස්ස අත්තනායක මහතා ගිවිසුමක් හෙලිකල නිසා ඔහුට නඩු පවරලා. ඒත් ඔහු කියූ ගිවිසුමේ තිබූ කරුණ සත්‍ය වෙලා තිබෙනවා’

6 views
Main News