යහපාලන ඇමතිවරු ලෝක හොරුන් සමඟ.. ඇමති නවින් දිසානායකගේ අඹ යහලුවා කෝටි 750ක් වංචා කලේ යයි වොෂින්ටන් අධිකරණයේ නඩු..

March 20, 2017 at 12:16 am | lanka C news
යහපාලන ඇමතිවරු ලෝක හොරුන් සමඟ.. ඇමති නවින් දිසානායකගේ අඹ යහලුවා කෝටි 750ක් වංචා කලේ යයි වොෂින්ටන් අධිකරණයේ නඩු..

යහපාලන රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායකගේ ඉතා හිතවත් මෙන්ම එම පවුලේ කිට්ටු මිත්‍රයෙකු වූ රියන්සි එඩ්වර්ඩ්ස් නැමත්තාට මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කොට මේ වනවිට ඇමරිකාවේ වොසින්ටන් අධිකරණය මගින් නඩු පවරා ඇත.

එම නඩුවේ පිටු 22 කින් යුක්ත චෝදනා පත්‍රය තමන් වෙත ලැබි ඇති බව සන්ඩේ ටෛම්ස් පුවත් පත වාර්තා කරයි.

ඩොලර් මිලියන 50 එනම් රුපියල් මිලියන් 7500 ක් පමණ මොහු විසින් වංචා කොට ඇති අතර මේ සැකකරු සම්බන්ධයෙන් නඩුව ඇමරිකාවේ වොෂින්ටන් අධිකරණය මේ මස 20 දින විභාග වීමට නියමිතව තිබුනි.

2015 නවින් දිසානායක ක්‍රීඩා හා සංචාරක කටයුතු ඇමති ලෙස කටයුතු කිරීමේදි මෙම සැකකරු සමඟ සම්බන්ධ වී නුවරඑළියේ තුරඟතරග ක්ලබ් එක සමඟ එහි ප්‍රවර්ධනයට කටයුතුවල යෙදුණු අතර ශ්‍රීලංකාවේ අශා හොස්පිටල්ස් ඇතුළු බුටික් හෝටල් කිහිපයක්ම ඔහුගේ බිරිඳ හරහා මෑතකදී මිලදී ගෙන ඇත.

එමෙන්ම මෙම සැකකාර රියන්සි එඩ්වර්ඩ්ස් නැමත්තා වොෂින්ටන් අධිකරණයෙන් වැරදි කරු වුවහොත් මීට පෙර ශ්‍රිලාංකිකයකු වූ රාජ්රා ජරත්නම් නැමැත්තාට මෙන් වසර 10 නොඅඩු හිර දඩුවම් විදීමට වන බව අදාළ වෙබ් අඩවියේ සඳහන් වේ

සම්පූර්ණ විස්තරය මෙතනින්

190 views
Main News