යහපාලන කාලෙ පාසල් දරුවන්ට ටැබ් දෙන්න කලින් වැසිකිලි ටික හදලා දෙන්න තිබුණා..

October 21, 2021 at 6:20 am | lanka C news
යහපාලන කාලෙ පාසල් දරුවන්ට ටැබ් දෙන්න කලින් වැසිකිලි ටික හදලා දෙන්න තිබුණා..

යහපාලන ආණ්ඩුව පාසල් දරුවන්ට  ටැබ් දෙන්න කතා කල කාලේ වැසිකිලි නැති පාසල්වල වැසිකිළි ටික හදා දුන්නා නම් කොච්චර හොඳ දැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

දිඹුලාගල වැලිකන්ද රුහුණුකෙත කනිෂ්ඨ විද්‍යාලයේ අඩුපාඩු සොයා බැලීම සඳහා පසුගියදා උතුරුමැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා සමග එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසීය.

ග්‍රාමීය පාසල්වල වැසිකිළි පහසුකම් අඩුයි.බීමට ජලය පහසුකම් අඩුයි. ඒ මූලික ප්‍රශ්න නොවිසඳා දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කිරීම ප්‍රායෝගික නැතැයිද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 9ට අමතරව පළාත් සභා පාසල් 244 ක් තිබෙනවා .දරුවන් 90000 වඩා අධ්‍යාපනය ලබන අතර ගුරුවරු 5000කට වඩා එහි සේවය කරන බවද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කිසිම දිනක පාසල් නොගිය 15000කට ආසන්න පිරිසක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  ජීවත්වන බවත් තාමත් පාසල් යා යුතු වයසේ සිටින එහෙත් පාසල් නොගිය දරුවන් 500කට වැඩි පිරිසක් නිවෙස්වලට වී සිටින බවද, රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.මෙම ගැටළු වලට අදාල වගකිවයුතු රජයේ නිලධාරීන් මැදිහත් වී කටයුතු කරනු ඇතැයි ද  එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්, දැනට පළාත් අධ්‍යාපන ලේකම් කලාප හා කොට්ඨාස අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

– ප්‍රසන්න අධිකාරි

7,432 views

7 Comments to “යහපාලන කාලෙ පාසල් දරුවන්ට ටැබ් දෙන්න කලින් වැසිකිලි ටික හදලා දෙන්න තිබුණා..”

  1. LalithM says:

    උඹලා ඇවිල්ල හත්පොලේ ගාගෙන ඉස්කෝලවල වැසිකිළි ටිකත් චීනුන්ට විකුණාගෙන කයිකියල උන්ට හිතෙන්න ඇති. දැන් ඉතින් උඹලට හදන්න පුළුවන්නේ. ඕන තරම් සල්ලි තියෙන්නේ වැව් ගානෙ මංතීරු ප්‍රේම කලාප හදන්න.

  2. 3% ට බය බයියා. says:

    උනුත් එකයි ,මුනුත් එකයි අපි ජවිපෙට .

  3. daya says:

    කිය කිය ඉන්නෙ නැතිව අඩුපාඩු හොයල කරල පෙන්වන්න.

  4. harsha says:

    වැසිකිලි ප්‍රශ්නය විසඳලා අනෙක් ප්‍රශ්න විසඳන්න හිටියානම් අල්ලපු රට අද ඉන්නේ මීට වඩා ගොඩක් නොදියුණු මට්ටමක.

  5. වැඩ බැරි ටාසන් says:

    මූන්ට ආයිත් පොලොන්නරුවේ දිස්ත්‍රික්කයේ ජනතාව නම් රැවටෙන්නේ නෑ

  6. Chithral says:

    Mr Roshan Ranasinghe…
    I am totally confused with your statement.eg..tell us
    What is most important?
    fully equipped toilets for entire pupils or else, tabs for students to face for the future challenges?

  7. 69 MIN BAIYOO says:

    මූන්ට ආයිත් පොලොන්නරුවේ දිස්ත්‍රික්කයේ ජනතාව නම් රැවටෙන්නේ නෑ!!!
    උඹලා ඇවිල්ල හත්පොලේ ගාගෙන ඉස්කෝලවල වැසිකිළි ටිකත් චීනුන්ට විකුණාගෙන කයිකියල උන්ට හිතෙන්න ඇති. දැන් ඉතින් උඹලට හදන්න පුළුවන්නේ. ඕන තරම් සල්ලි තියෙන්නේ වැව් ගානෙ මංතීරු ප්‍රේම කලාප හදන්න

Main News