යහපාලන කැබිනට් ඇමැතිවරයෙක් මාකදුරේ මධුෂ් සමග රහස් හමුවක..
January 6, 2020 at 3:50 pm | lanka C news
පාතාල නායක මාකඳුරේ මධුෂ් පසුගිය රජයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ කැබිනට් ඇමැතිවරයකු සමග ඩුබායි හෝටලයකදී කළ රහස් හමුවක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකර ගෙන තිබේ.
මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳ වන දිලිනි ඉෂාරා පසුගිය සිකුරාදා (3 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා කළ ප්රශ්න කිරීම්වලදී ඇය මේ බව අනාවරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමට පෙර රජයේ කැබිනට් ඇමැතිවරයාව ඩුබායි හෝටලයට කැඳවා හමු වූ බව දිලිනි ඉෂාරාගෙන් ප්රශ්න කිරීමේදී අනාවරණය කර ඇත.
ඉකුත් වසරේ පෙබරවාරි 5 වැනිදා ඩුබායි තරු හෝටලයකදී දිලිනි ඉෂාරාට හා මධුෂ්ට දාව උපන් දියණියගේ උපන් දින සාදයක් පවත්වන අතරතුරේ අබුඩාබි පොලිසිය මගින් මධුෂ් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගත්තේය.
මාකඳුරේ මධුෂ් නිදහස් කර ගැනීමට විශාල සටනක් කළ මෙම කාන්තාව පසුගිය දෙසැම්බර් 29 දා ඩුබායි සිට මෙරටට එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවාගෙන ප්රශ්න කර මුදාහැර තිබිණි.
යළිත් දෙවැනි වරට ඇය රහස් පොලිසිය හමුවට සිකුරාදා (3 වැනිදා) කැඳවා ප්රකාශ සටහන් කරගෙන ඇත. පෙරේදා (4 වැනිදා) ඇයට මාකඳුරේ මධුෂ් බැලීමට අවසර දී ඇති අතර මාකඳුරේ මධුෂ්ගේ දරුවාත් රැගෙන විත් ඇත.
දිලිනි ඉෂාරා යනු වැලිකඩ කැරැල්ලේදී මරුමුවට පත් වූ පාතාල නායක කළු තුෂාරගේ විවාහක බිරිඳය.
– aruna