රනිල්, මංගල, චම්පික, අනුර ඇතුළු විසි දෙනෙක් ගස්.. ජනාධිපති කොමිසමේ වාර්තාව එයි..

January 21, 2021 at 3:00 pm | lanka C news
රනිල්, මංගල, චම්පික, අනුර ඇතුළු විසි දෙනෙක් ගස්.. ජනාධිපති කොමිසමේ වාර්තාව එයි..

යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් විසිදෙදෙනකුට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට නිර්දේශ වී ඇත.

දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර බැලූ ජනාධිපති කොමිෂන් සභාව මේ බව දන්වා සිටියේය.

2015 ජනවාරි මස 08 වැනි දින සිට 2019 නොවැම්බර් මස 16 වැනිදා දක්වා කාලසීමාවේ සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට මෙම කොමිසම පත්කර තිබිණි. කොමිෂන් සභාවේ නිර්දේශ සහ තීරණ ඇතුළත් ඇමැති මණ්ඩල සංදේශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමැති මණ්ඩලයට (18 වැනිදා) ඉදිරිපත් කරන ලදි.

එම නිර්දේශවලට අනුව දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩ කිරීම සහ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමේ වරද පිළිබඳව කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සඳහා බලය ලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කළ යුතු බව කියයි. වගඋත්තරකරුවන් 22 දෙදෙනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොමිෂන් සභාව වෙත ඉදිරිපත්ව ඇති සාක්ෂි හා ලේඛන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට යොමු කිරීමටද නියමිතය.

දූෂණ විරෝධී කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත. හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රාවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක යන අයද කමිටුවේ සාමාජිකයෝ වෙති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම,නීතිඥ ජේ.සී.වැලිඅමුණ, ආනන්ද විජයපාල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, පී. ප්‍රේමශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, අයි. වීරරත්න, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනුෂ කුමාරස්වාමි, දිනේෂ් පෙරේරා, හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක සෙසු සාමාජිකයෝ වෙති.

මෙම පැමිණිල්ලේ සාක්ෂිකරු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාය.

වගඋත්තකරුවන් අතර සිටින රාජ්‍ය සේවකයන් දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය යන නිල නොවන සංවිධානයේ සේවය කිරීමෙන් හෝ සේවයට යෙදවීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද කර ඇති බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙයි. ඔවුන් රජයේ මුදල් වැටුප් ලබමින් සාපරාධී සාවද්‍ය පරිහරණයක්ද සිදුකර තිබේ. අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 3371ක මුදලක් වියදම් සඳහා ලබාගෙන ඇත. පොදු දේපළ පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද එමගින් කර ඇති බව කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. රාජ්‍ය නොවන සංවිධානයක් වන දූෂණ මර්දන කමිටුවේ රැස්වීම් පැවැත්වීම සඳහා රාජ්‍ය ආයතනයක් වන අරලියගහ මන්දිරය පාවිච්චි කිරීමෙන් පොදු දේපළ අවභාවිත කර ඇති බවද කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

මෙම කොමිෂන් සභාව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු සාමාජිකයෝ තිදෙනෙක්ගෙන් යුක්ත වූහ.

– aruna

88,247 views

43 Comments to “රනිල්, මංගල, චම්පික, අනුර ඇතුළු විසි දෙනෙක් ගස්.. ජනාධිපති කොමිසමේ වාර්තාව එයි..”

  1. Sirisena Yatawara says:

    The bunch of UNP leadership of Ranil & Sajith as deputy leader , section of SLFP led by MS CBK , JVP of South anarchist by bone by Terrorist of politics of gunpoint , TNA of Tamil chavainst back by Terrorist of Tamil separatist Muslim Congress of Islam religion extremist fundamentalist and Indian plantation Tamil political parties bak by Indian proxies has been installed so-called ” Good Govt” and “Rule of law ” in 2015 Jan 8th .

  2. Sirisena Yatawara says:

    The bunch of UNP leadership of Ranil & Sajith as deputy leader , section of SLFP led by MS CBK , JVP of South anarchist by bone by Terrorist of politics of gunpoint , TNA of Tamil chavainst back by Terrorist of Tamil separatist , Muslim Congress of Islam religion extremist fundamentalist and Indian plantation Tamil political parties back by Indian proxies has been installed so-called ” Good Govt” and “Rule of law ” in 2015 Jan 8th .This gang of leadership UNP +SLFP leadership has promised to launch Governance Free of Corruption in Island Republic by means that Wish and Will of Democracy of our nation . Last FIVE years 2015 Jan 8 th 2019 November that Govt has double Corruption and ruin ours nation wealth and sole national assets to foreign-powers. We have address this national tragedy by New Commission by GR and MR led govt…since 2019 August is a mandatory mission

  3. siri says:

    lokuma kuhakaya pachaya nohoth gaanu perethaya,

  4. Number one says:

    යහපාලන ගල් යුගයේ ඕනෑම කුනු බලු දහදුරා වැඩක මහා පොදු සාදකය පාටලී චම්පුක රනවක නම් උන්මත්තකයාය….
    මොහු වැපුරෑ දෙයම මොහුට ලැබිය යුතුය….අනිවාර්යයෙන්ම නිසි දඩුවම් ලබාදි නියම තැන මේ උන්මත්තක සක්කිලියා තැන්පත් කල යුතුය….ඔය කියන කිසිම බලවෙිගයක් මොහුට නැත..
    ඉලක්කයක් මොහුට නැත…ඇත්තෙ කුහක සිතත් , ගද ගහන කටත් , ලිංගික ආසාවත් පමනි….මොහු පසුපස සාපය පන්නා එනවා ඇත…

  5. රටේ යකා says:

    රති කෙලියට ගොස් එනවිට කොල්ලෙක් යට කල පාපය සහ සාපය පාටලී පරයට දිනක වැදේවා….
    ඒ අහිංසක කොල්ලට කල දේට සහ පසුව කල දේ වලට නිසි දඩුවම් ලබේවා…
    මවුබිමෙන් මෙවන් පාදඩයෙක් නැවත නොයිපදේවා…..
    අවසන රටටත් , සසුනටත් කල හානියට අතලොස්සක් වු ආවතේව කරැවන් සමගම නිරයට වැටේවා….

Main News