යහපාලන පෙරළිය කල අයටත්ල මේ පෙරළිය ගැන තේරුමක් නෑ.. අද දෙමල සන්ධානයත් ආණ්ඩුව සහාය දෙනවා..

April 16, 2017 at 5:30 pm | lanka C news
යහපාලන පෙරළිය කල අයටත්ල මේ පෙරළිය ගැන තේරුමක් නෑ.. අද දෙමල සන්ධානයත් ආණ්ඩුව සහාය දෙනවා..

පෞද්ගලික රෝහල් නියාමන වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට අම්පාර මහ රෝහලේ සුව විශිෂ්ටතා සම්මාන උළෙල සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර හෙද විද්‍යාලයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“අද අම්පාර මහ රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘති 07 ක් විවෘත කළා. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300 කට අධිකයි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන් විසින් මා වෙත විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළා. එම ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නවා. අම්පාර මහ රෝහල විශාල දියුණුවක් ලබා තිඛෙන අතර, උසස් ප්‍රමිතියෙන් යුත් රෝහලක් ද වනවා. මෙම රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතා විශිෂ්ට සේවාවක් ඉටු කරනවා. එවැනි වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවාව ගොඩනැංවීමට උපකාර කරන බව ප්‍රකාශ කළ යුතුයි.

ජනවාරි 08 වන දා යහපාලන රජය බිහි කළේ ක්‍රමය වෙනස් කිරීමටයි. රුපියල් සතවලින් මෙම රජය සිදු කරන වැඩකටයුතු මනින්න එපා. යහපාලන පෙරළියට සහභාගි වූ ඇතැම් අයටත්, සහභාගී නොවූ අයටත් මෙම පෙරළිය ගැන තේරුමක් නැහැ. ජාතීන්, ආගම් අතර සමගියක් ඇති කිරීමට කටයුතු කරනවා. දෙමළ ජාතික සන්ධානය අද වනවිට රජයට සහයෝගය පළ කරනවා. ඉදිරියේ දී තවත් වෙනස්කම් රැසක් සිදු කිරිමට රජය බලාපොරොත්තු වෙනවා. පසුගිය රජය සමයේ භෞතික සම්පත් දියුණු කළත්, යහපාලන රජය දියුණු කරන්නේ මානව සම්පතයි. පසුගිය රජය සමයේ දකුණෙන් පැමිණි කොන්ත්‍රාත්කරුවන්ට උතුරේ කොන්ත්‍රාත් හිමි වුනත්, උතුරුකරයේ ජනතාවට සහනයක් ලැබුනේ නැහැ.

පෞද්ගලික සෞඛ්‍ය සේවාව නියාමනය කිරීමට මම තීරණය කර තිඛෙනවා. ඒ සදහා පෞද්ගලික රෝහල්, ඖෂධ ශාලා සියල්ල පරීක්ෂා කර නියාමන වාර්තාවක් ජාත්‍යන්තර සමාගමක් විසින් මා වෙත ලබා දී තිඛෙනවා. පසුගිය සතියේ ලැබුනු එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් නියාමනය කිරීමෙි වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරනවා. අපේ රටේ ග්‍රාමිීය රෝහල් පද්ධතියත් දියුණු කළ යුතුයි.

වෛද්‍ය කර්මාන්තය නිවැරදිව ඉටු කරන රෝහල් මෙන්ම වෛද්‍යවරුන් ද සිටිනවා. තම නායකයා නිවැරදි වන විට සෙසු පිරිස ද නිවැරදි වෙනවා. වෛද්‍ය කර්මාන්තය උතුම් පරමාර්ථයෙන් ඉටු කළ යුතුයි. ඇතැම් වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවාව ගොඩනැංවීමෙි දී තවත් වෛද්‍යවරුන් පිරිසක් එය විනාශ කිරීමට උත්සාහ කරනවා. ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුළින්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති වලට ඇති බලය මිනිස් ජීවිතයි. රජය මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. වෘත්තීය සමිති ඉල්ලා සිටින ඉල්ලීම් ලබාදීමට මම කටයුතු කරනවා. නිදහස් සෞඛ්‍ය සේවාව අපි විනාශ කරන්නේ නැහැ. වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරීම සදහා ඉදිරියේ දී තවත් වෛද්‍ය පීඨ ඇති කරනවා. වෛද්‍ය අධ්‍යාපනය රජයෙන් ලබාදෙනවා මෙන්ම පෞද්ගලික අංශයෙන් ද ලබාදිය යුතුයි”

මෙම සම්මාන උත්සවයේ දී සම්මාන 24 ක් පිරිනැමුන අතර, අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සිහිවටන පළකයක් ද ලබාදෙන ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

42 views
Main News