යහපාලන යුගයේ අධිකරණයෙන් දුන් නඩු තීන්දු නැවත විභාග කරන්නැයි ඉල්ලයි..

September 5, 2020 at 3:50 pm | lanka C news
යහපාලන යුගයේ අධිකරණයෙන් දුන් නඩු තීන්දු නැවත විභාග කරන්නැයි ඉල්ලයි..

පැවැති යහපාලන ආණ්ඩුව සමයේදී අධිකරණය විසින් ලබාදෙන ලද ඇතැම් නඩු තීන්දු යළි විමර්ශනය කර නැවත විභාගයට ගත යුතු යැයි සිංහලේ සංවිධානය සඳහන් කරයි.

සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියහ.

පැවති රජය සමයේ දේශපාලකයන් විසින් නීතියේ දෙවඟන දූෂණය කළ බවත් පැවසූ උන්වහන්සේ එම කාලය ලබාදුන් නඩු තීන්දු ගැන කිසිදු විශ්වාසයක් නොමැති බවත් සඳහන් කළහ.

එම කාලයේ දී අසාධාරණ ලෙස මරණ දඬුවම ලබා දුන් පුද්ගලයින් මෙන්ම අසාධාරණ ලෙස සිරගත කළ පුද්ගලයන්ට ද සාධාරණය ඉටු විය යුතු බවත් හිමියෝ පැවසූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක රටක් තුළ සියලු දෙනාටම සාධාරණ නීතියක් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වී ඇති නිසා පැවති ආණ්ඩුව විසින් අසාධාරණ ලෙස දඬුවම් කළ පුද්ගලයන්ට සාධාරණය ඉටු යුතු බවද උන් වහන්සේ තව දුරටත් කියා සිටියහ.

19,693 views
Main News