යහපාලන රජය නිසා රෝගීන් මිය යාමත් අඩු වෙලා..

April 2, 2018 at 8:40 am | lanka C news
යහපාලන රජය නිසා රෝගීන් මිය යාමත් අඩු වෙලා..

ඉදිරි මාසය තුල තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එහිදී මිල අධික ඖෂධ සහ පිළිකා ඖෂධ වල මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

දකුණු ආසියානු රටවල බෝනොවන රෝග පාලනය කිරීමේ ප්‍රථම සමුලුවට සමගාමීව කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබෙනවා. ඒ ආකාරයට තවත් ඖෂධ වර්ග රැසක මිල ඉදිරි මාසය තුල දී අඩු කිරීමට අපි සැළසුම් කර තිබෙනවා. පිළිකා ඖෂධ වැනි මිල අධික ඖෂධ ඊට ඇතුලත්. හෘද රෝගීන් සදහා නොමිලේ ස්ටෙන්ස් ලබාදීම හේතුවෙන් අද වන විට පොරොත්තු ලේඛණය ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාලයේ කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් මසකට සිදු කළේ 50 ත් 60 ත් අතර ප්‍රමාණයක්. නොමිලේ ස්ටෙන්ස් ලබාදීමත් සමග හෘද සැත්කම් 450 – 500 ත් අතර සංඛ්‍යාවක් මාසයක් තුල දී සිදු කරනවා. තව ද හෘද රෝගයක් ඇතිවීමට පෙර ලබාදෙන ටෙනෙක්ට්ටප්ලෙස් (Tenecteplase) නැමැති ඖෂධය හේතුවෙන් ජනතාවට විශාල සහනයක් ලැබී තිබෙනවා. පසුගිය කාලයේ හෘද රෝගීන් 06 කගෙන් 05 දෙනෙකු පමණ විවිධ හේතු මත මිය ගියා. නමුත් යහපාලන රජය හෘද රෝගීන්ට සහන සැළසීම තුල අද වන විට රෝගීන් 06 කගෙන් 01 රෝගියෙකු පමණයි මිය යන්නේ. රෝහල්වල රුධිර පරීක්ෂණ නොමිලේ සිදු කිරීමේ වැඩපිළිවෙල තුලින් රුධිර පරික්ෂණ සියයට 61 කින් වැඩි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, යුනිසෙෆ් සංවිධානය ඇගයීමට ලක් කර තිබෙනවා. එම නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර ලෝක සෞඛ්‍ය දිනය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කළේ. ශ්‍රී ලංකාවට වඩා උචිත රටක් තවත් නොමැත යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා. අද ආරම්භ වු මෙම සමුලුවෙන් බෝනොවන රෝග පාලනය කිරිම සදහා වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලබනවා.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම, වර්ණ සංකේත ක්‍රමය හදුන්වාදීම, ඇතුලු ක්‍රියාමාර්ග රැසක දී බහුජාතික සමාගම් සිය විරෝධය පළ කළා. නමුත් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් එම විරෝධතා වලට බිය නොවී මම තීන්දු තීරණ ගත්තා. ඒ ආකාරයට දකුණු ආසියාවේ ජනතාව බෝනොවන රෝග වලින් ආරක්ෂා කර ගත යුතුයි. ඒ සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග දකුණු ආසියානු රටවලට වැදගත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”

– ප‍්‍රසන්න අධිකාරී

7 views

9 Comments to “යහපාලන රජය නිසා රෝගීන් මිය යාමත් අඩු වෙලා..”

  1. Asaranaya says:

    කුණු දතාණෙනි ඔබ මිය යන්නෙ කවදද, අපි හරි ආශාවෙන් බලාගෙන ඉන්නෙ

  2. සරත්චන්ද්‍ර says:

    බොරු කියා චේතිය යයි රටේ නමක් දිනාගත්, වංචාකාරී, ප්‍රෝඩාකාරී දුෂිතයෙක්, හොඳ දෙයක් කරයි කිව්වත් අපි කොහොමද පිලිගන්නේ ? වරක් යුදහමුදාවට නීතිවිරෝධී සෞඛ්‍ය භාණ්ඩ සපයා උසාවි අනින් මන්ත්‍රී කමත් නැතිකරගත්තා වගේ දැනටත් මොනතරම් හොරකම් කරනවාද යන්න අනාගතයේදී හෙළිවේවි !

  3. Gon Jo says:

    පහුගිය කාලේ මැරුණේ ඩෙංගු රෝගීන් නෙවේ වෙන්න ඇති. ඩෙංගු මදුරුවෝ වෙන්න ඇති.

    අනේ නිකම් පලයන් බුරුවො යන්න

  4. neil says:

    We need to appriciate good work done by anybody We need to be above party line and we need SL on our heads not parties or politicians.

    As we are not politician, lets get those who are in politics encoregd to do good and discorge to loot the nation and be inactive whilest earning perks and living on our hard working (taxes)

    Bit of a caution as per wikipedia
    There is ongoing controversy about whether Tenecteplase is a harmful treatment, and significant ongoing discussion between Emergency Physicians and Neurologists about whether this treatment should be used at all.

  5. fazila says:

    බඩූ ලාබෙට, හොදට කාල බිලා ඉන්නවනේ, අනේ මෙහෙමත් ගොන් හරකෙක්, හොදා කුබුරේ හාන්න ගන්න .

  6. kadiya says:

    කුණු කටා වියුරුවෙන්
    ජනතාව සීරුවෙන්

  7. Dr Lakshman Fernando says:

    ARE YOU SURE? I REQUEST YOU TO VIEW THE STATISTICS.

  8. Hitan@hutan.com says:

    ඒක ඇත්ත එකෙක්වත් මැරෙන්නෙ නැතුව බලාගෙන ඉන්නෙ මේක උඩු යටිකුරු වෙනකන්.අන්න එදාට අනිවාරයෙන්ම එකෙක් මැරෙනව​.

  9. jo says:

    MUGEY WALIGE KAPALA NEDDA ?

Main News