යහපාලන වංචා සොයන ජනාධිපති කොමිසමට සතියකදී පැමිණිලි 70ක් ලැබේ.. මුලින්ම විභාග කරන පැමිණිලි මෙන්න..
February 18, 2019 at 1:20 pm | lanka C news
2015 සිට පැවති යහපාලන ආන්ඩු සමයේ සිදුව ඇති වංචා දුෂණ විමර්ශණය කිරීඹ සදහා පත් කරන ලද ජනාධිපති කොමිසම වෙත පසුගිය සතිය තුලදී පැමිණිලි 70 ක් ලැබී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව මෙම පැමිණිලි අතුරින් දෙකක් මුල් අදියරේදී විමර්ෂණය කිරීමට කොමිසම විසින් තෝරාගෙන ඇත.
විදුලි බල හා බල ශක්ති අමාත්යංශය විසින් විදුලිය මිලදී ගැනීම ගැන හා ශ්රී ජයවර්ධනපුර රෝහලේ සිදු වූ බව කියන වංචාවක් ගැන මෙම පැමිණිලි දෙක ඉදිරිපත් වී ඇත.
මාර්තු මස 07 වැනි දින දක්වා මෙම කොමිසම විසින් පැමිණිලි බාර ගනී.