යහපාලන වසර දෙකට විදෙස් සංචිතය ඩොලර් බිලියන තුනකින් හිදේ…

February 22, 2017 at 8:40 am | lanka C news
යහපාලන වසර දෙකට විදෙස් සංචිතය ඩොලර් බිලියන තුනකින් හිදේ…

පසුගිය වර්ෂ දෙක තුළ ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන තුනකින් පමණ සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

මේ අනුව 2014 වසර අගදී ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 ක පමණ මට්‌ටමේ පැවැති විදේශ සංචිත වත්කම් ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.4 ක්‌ පමණ දක්‌වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලින් අනාවරණය වී තිබේ.

රටට ප්‍රමාණවත් විදේශ විනිමය ගලා ඒම් සිදුනොවීමත් මහ බැංකුව ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල රැක ගැනීමට විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඩොලර් විකිණීමත් මේ තත්ත්වයට හේතු වී ඇතැයි ආර්ථික හා මූල්‍ය අංශ නියෝජිතයෝ පවසති.

– දිවයින

12 views
Main News