යහපාලන වසර පහට බිලියන 6600ක් ණය අරන්.. කෙස් කෙලින් කරවන යහපාලන ණය උගුලේ තරම මෙන්න..

April 2, 2019 at 6:23 am | lanka C news
යහපාලන වසර පහට බිලියන 6600ක් ණය අරන්.. කෙස් කෙලින් කරවන යහපාලන ණය උගුලේ තරම මෙන්න..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිත්වය දරණ වියත්මග සංවිධානය විසින් පවත්වනු ලබන ‘රට සහ හෙට’ සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු වැන්න බියගම සනාරා පිළිගැනීම් ශාලාවේදී පවැත්විණි.

මෙම සම්මන්ත‍්‍රණයේදී ප‍්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා පල කල අදහස් මෙසේය.

මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී ජනාධිපති ධූරයට පත්වන විට දෙකොන ගිනිගත් විලක්කුවක් වැනි රටක් තිබුණේ. එක් පැත්තකින් වසර 30 කට අධික කාලයක් තිසන්සේ පැවති තස්‍්‍රත‍්‍රවාදී යුද්ධයක්. අනෙක් පැත්තෙන් ආසියාවේ තිබූ දුර්වලම ආර්ථිකයක්. වසර කිහිපයකට පෙර ඍණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ  ඉන් වසරකට පෙර සුනාමියකින් පවා බැටකාපු රටක්. මහින්ද රාජපක්ෂ යුගය බොහෝ දෙනෙකුට මතක තස්ත‍්‍රවාදය පරාජය කළ රාජ්‍ය නායකයා ලෙසයි. නමුත් බොහෝ දෙනෙකුට මතක නැහැ මේ යුගය තුළ වූ ආර්ථික පෙරළිය. 2005 – 2014 කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ විශාල ධනාත්මක වෙනසක් සිදු වුණා. ඒ සඳහා උදාහරණ  ඕනෑ තරම් තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 20 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 80 දක්වා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 4 ගුණයකින් ප‍්‍රසාරණය වුණා. ඒක පුද්ගල ආදායම ඩොලර් 1602 සිට ඩොලර්  3853 දක්වා ඉහළ ගියා. ඇමෙරිකානු ඩොලර් බිලියන 0.23  සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 8.3 දක්වා විදේශ සංචිත ඉහළ ගියා. විරැුකියාව 8.3 % සිට 4.3 % දක්වා අඩු වුණා. දුගී බව අඩු වුණා. ගෘහස්ථ විදුලිය සැපයුම 73% සිට 98% දක්වා ඉහළ ගියා. රටේ සංවර්ධන වේගය එදා ආසියාව තුළ  දෙවැනි වූයේ චීනයට පමණයි. කොළඹ කොටස් වෙළඳ පොළ ආසියාවේ තිරසාරම කොටස් වෙළෙඳ පොළ ලෙස සහ කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය ලෙස සම්මාන පවා ලබා තිබුණා.

මහ බැංකුව පුරෝකථනය කර තිබුණා 2018 වන ලංකාවේ ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 127 ඉක්මවා ඒක පුද්ගල ආදායම ඩොලර් 6000 ට ආසන්න වෙනවා කියා. නමුත් 2015 දැක්මක් නැති අසාර්ථක පාලකයන් පිරිසක් බලයට පත් කර ගැනීම නිසා වේගයෙන් ඉදිරියට යමින් තිබූ ආර්ථිකය මන්දගාමී වූවා. 2018 අපේක්ෂිත ඩොලර් බිලියන 127 ආර්ථිකය වෙනුවට අප අත්පත් කරගෙන තිබුණේ ඊට ඩොලර් බිලියන 40 ක් අඩු ඇමෙරිකානු ඩොලර් බිලියන 87 ක ආර්ථිකයක්. අද ලංකාවේ ආර්ථිකය වර්ධනය වන්නේ ඉතා හෙමින්. 2015 -2018 කාලය තුල ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයෙන් 6.8 සිට  3.1% දක්වා පහත වැටී තිබෙනවා. ආසියාව තුළ දුර්වලම සංවර්ධන වේගය සඳහා අපි අද ඇෆ්ගනිස්තානය හා කරට කට සටනක යෙදී සිටිනවා. සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳ පොළ හඳුන්වන්නේ ආර්ථිකයක බැරෝ මීටරය කියලයි.  මන්ද ඒ හරහා පිළිබිඹු වන්නේ ව්‍යාපාරිකයන් හා අයෝජකයින් රටක ආර්ථික කලමණාකරනය ගැන තිබෙන විශ්වාසය නිසයි. 2014 -2018 කාලය තුළ කොටස් වෙළෙඳ පොළේ සමස්ථ ප‍්‍රාග්ධනීකරනය ඇමෙරිකානු ඩොලර් බිලියන 25 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 15 දක්වා අඩු වී තිබෙනවා. මෑත කාලයේ ශ‍්‍රී ලංකාව ගැන විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීමට මූලික හේතුව වුණේ බැඳුම්කර මංකොල්ලය සම්බන්ධයෙන් රජය දැක්වූ උදාසීන ප‍්‍රතිපත්තියයි. මේ මහා කොල්ලය එකම පිරිසක් විසින් පිට පිට වසර දෙකක් තුල දෙවරක්ම කළා. මේ මංකොල්ලයේ මහ මොලකරුවන් තවමත් නිදැල්ලේ ඉන්නවා.

ලංකාවේ ආර්ථිකය අවකළමණාකරනය වූ ආකාරයට ඉතා හොඳ නිදසුනක් තමයි පසුගිය කාලයේ රුපියල බාල්දු වීම. මින් රටට විශාල පාඩුවක් වුණා. 2015 -2018 කාලය තුළ රුපියල 30% බාල්දු වීම නිසා අපේ රාජ්‍ය ණයවල දේශීය අගය වැඩි වීම රුපියල් බිලියන 1497 ක් පමණ වෙනවා. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය කාලේ නිතරම කිව්වේ මහින්ද රාජපක්ෂ රජය මේ රට ණය උගුලක පටලවා තිබෙනවා කියලයි. මෙය සම්පූර්ණ අසත්‍යයක්. ණය උගුලක් වන්නේ ණය ගෙවා ගැනීමට අපහසුතාවක් ඇත්නම් පමණයි.  ණය ප‍්‍රමාණය රටේ ආර්ථිකය හා සසඳා බැලීමෙන් අපට පුළුවන් ණය රටට බරක්ද කියා තීරණය කරන්න.  2014 වන විට රටේ සමස්ථ ණය ප‍්‍රමාණය රටේ අර්ථිකයෙන් 70.7 දක්වා අඩුවෙලා තිබුණා. 2005 මේ රටේ සමස්ත රාජ්‍ය ණය රුපියල් බිලියන 2200 යි. වසර 9 ක් තුළ ණය වැඩි වුණා රුපියල් බිලියන 5200 න් 7400 දක්වා. මේ කාලය තුළ යුධයට විශාල වියදමක් කළා.

එහෙම තිබියදීත් තමයි 30 අවුරුදු යුද්ධයක් සම්පූර්ණයෙන් නිම කළේ. මේ කාලය තුළ ඉදිකල මෙගා ව්‍යාපෘති, අධිවේගී මාර්ග, දුම්රිය පාරවල්, වාරිමාර්ග ක‍්‍රම, විදුලි බලාගාර, වරාය, ගුවන් තොටුපොළ,   නාගරික හා ග‍්‍රාමීය සංවර්ධන කටයුතු ඇතුළු විශාල ව්‍යාපෘති සිදුකළා. ඒවා අපට පෙනෙන්නට තිබෙනවා.

නමුත් 2015 පසු මොකද වුණේ, වසරක් පාසා අපේ රටේ ණය පුදුමාකාර විදියට වැඩි වුණා. මෙවර අයවැයෙනුත් තීරණය කොට තිබෙනවා තවත් රුපියල් බිලියන 2000 ක් ණය ගන්නට. ඒ අනුව 2019 අවසන් වන විට රටේ සමස්ත රාජ්‍ය ණය රුපියල් බිලියන 14,000 ක් වෙනවා. ඒ කියන්නේ වසර 5 ක් තුළ රුපියල් බිලියන 6600 ක වැඩි වීමක්.  මෙවැනි විශාල මුදලක් වැය කොට කළ දෙයක් පෙනෙන්නට තිබෙනවාද? අඩුම තරමේ අලූතින් සැලසුම් කල එක මෙගා ව්‍යාපෘතියක් තිබෙනවාද? ලෝකයේ  ඕනැම රටක ජනතාව බදු ගෙවනවා. නමුත් බුද්ධිමත් රජයක් ජනතාව බදුවලින් පීඩනයට ලක් කරන්නේ නැහැ. ඒ කාලේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති වශයෙන් හැම විටම කීවේ ජනතාවගෙන් බදු අයකල යුත්තේ බඹරෙකු මල නොතලා රොන් ගන්නවා වගේ කියලා. නමුත් පසුගිය වසර 4 තුල රජයේ නාසිතාය හා වියදම් අසීමාන්තික ලෙස ඉහළ යන විට රජය එහි බර දැම්මේ ජනතාවටයි.  2015 -2019 කාලය තුළ ජනතාව රජයට ගෙවන බදු රුපියල් බිලියන 1050 සිට බිලියන 2077 දක්වා 100% කින් ඉහළ දමා තිබෙනවා. වර්තමාන රජය බලයට එන විට දුන් පොරොන්දු සියල්ල අමු අමුවේ කඩ කළා. විශේෂයෙන්ම තරුණ පරපුරට දුන් පුංචි කාර් සිහිනය, ෆ‍්‍රී වයිෆයි සිහිනය මතක් කරන්න පුළුවන්. වත්මන් පාලකයන්ට කිසිවක් කළමනාකරණය කර ගන්නට බැහැ. ඔවුන් අත තියපු සියලූ ආයතන පාඩු ලබනවා. රටට වින කරන මේ අසාර්ථක ආණ්ඩුව පරාජය කළ යුතු කාලය එළැඹ තිබෙනවා. එය කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පවත්වන ඡුන්දයකින් පමණයි.

– Viyathmaga Media

13,660 Viewers

4 Comments to “යහපාලන වසර පහට බිලියන 6600ක් ණය අරන්.. කෙස් කෙලින් කරවන යහපාලන ණය උගුලේ තරම මෙන්න..”

  1. බයියෙක් says:

    ණය අරන් කෝ.
    රාජපක්ෂලා ගත්ත ණය ගෙවන්න ණය ගත්තා නම් ගෙවපු ණය කෝ?

    වරාය විකුණන කොට කිවුවේ රාජපක්ෂලා ගත්ත ණය ගෙවන්නලු.
    කෝ රුපියලක් වත් ගෙවුවද?

    රනිල් හාමුගේ වහල්ලු දැන් ඉතින් බදු ගෙවපල්ලා.

    • ජෙපි දර්ශණය says:

      බිලියනයක් කියන්නේ මිලියන 1000ක්
      බිලියන 6600ක් කියන්නේ මිලියන 6600,000
      ලංකාවේ ජනගහනය දල වශයෙන් මිලියන 21
      එතකොට පසුගිය වසර 5 තුල එක පුද්ගලයෙක්ගේ ණය 6600,000 / 21 = 314,285
      ඒ කියන්නේ රනිල් හාමු තුන් ලක්ෂ දාහතර දාහකින් (314285) එක මිනිහෙක්ව ණය කරලා.

      මේ ගැන විමසීමට රතු සහෝදරයින් හොයා ගැනීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.

  2. john the baptice says:

    2015 ජනවාරි 8 වෙනිදා ආ අය මෙයට වගකිව යුතුය

  3. janathaawa says:

    මෙයා දෙපත්නයෙක් .

Main News