යහපාලන වසර පහට රටේ ණය බර දෙගුණ කරයි.. වසර 05ක ආර්ථික ප්‍රගති වාර්තාව මෙන්න.. මූඩීස් දැඩි අනතුරු අගවයි..
October 2, 2019 at 3:00 pm | lanka C news
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
යහපාලන ආණ්ඩුව මේ රටේ ඇතිකළ ණය අර්බුදය මේ වන විට අතිශයින්ම බරපතල තත්වයකට පැමිණ තිබේ. වර්තමාන ආණ්ඩුව 2015 ජනවාරියේදී බලයට පැමිණෙන අවස්ථාවේදී රුපියල් ට්‍රිලියන 7.39 ක් වූ ලංකාවේ මුලු ණය බර, 2019 ජුලි මස අවසානය වන විට රුපියල් ට්‍රිලියන 12.64 ක් දක්වා 71% කින් ඉහල ගොස් තිබුණි. මේ ණය ගැනිල්ල වඩාත්ම අවදානම් සහගත වන්නේ විදේශ විනිමය ණය වැඩි වශයෙන් ගැනීම නිසයි. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩීස් සමාගමද මීට නොබෝ දිනකට පෙර ලංකාවේ මේ විදෙස් ණය ගැනීම ගැන විශේෂ අනතුරු හැඟවීමක් කර තිබුණි. 2015 ජනවාරි මස සිට අද දක්වා මේ ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩිකේටඩ් ලෝන් යනාදී නොයෙක් මුලාශ්‍ර වලින් ඇමරිකානු ඩොලර් බිලියන 26 ක් ඉක්මවූ මුදලක් විදෙස් විනිමය ණය වශයෙන් පමණක් ලබා ගෙන ඇත.
විදෙස් විනිමය ණය ගත්විට ඒ ණය සියල්ලම විදේශ විනිමයෙන්ම ආපසු ගෙවීමට සිදු වේ. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම වැඩිවන විට විනිමය අනුපොතයේ ඇතිවෙන වෙනස්කම් නිසාද රටේ ණය බර නිරායාසයෙන්ම වැඩි වෙයි. මහා පරිමාණයෙන් විදෙස් විනිමය වානිජ ණය ගැනීම මර උගුලක් වන්නේ මේ නිසාය. 2014 අවසානයේදී රුපියල් 131 ක් වූ ඇමරිකානු ඩොලරය යහපාලන ආණ්ඩුව යටතේ සිදුවූ ආර්ථික පරිහානිය හේතුවෙන්, අද වන විට රුපියල් 183 දක්වා ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට වැඩිවී ඇත. 2015 සිට රුපියලේ වටිනාකම බිඳවැටීම හේතුවෙන්ම පමණක් 2018 අවසානය වන විට ලංකාවේ මුලු ණය බර රුපියල් බිලියන 1,709 කින් වැඩි වී තිබුණි. වත්මන් ආණ්ඩුවේ ණය ගැනීමේ සුවිශේෂම ලක්ෂණය වන්නේ ඒ කිසිවක් රට දියුණු කිරීමට ලබාගත් ව්‍යාපෘති ණය නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා ලබාගත් වානිජ ණය වීමයි.
මගේ ආණ්ඩුවෙන් ලබාගත් ණය ගැන යහපාලකයන් කතා කරන විට ඔවුන් හැමවිටම සඳහන් කරන්නේ නොයෙක් ව්‍යාපෘති සඳහා ගත් ණය ගැන පමණි. මගේ ආණ්ඩුව කාලයේ ව්‍යාපෘතියකට සම්බන්ධ නැති ණයක් ගැන පසුගිය අවුරුදු පහ මුලුල්ලේම යහපාලන ආණ්ඩුවේ අය කිසිඳු සඳහනක් කර නැති බව ජනතාවගේ විශේෂ අවධානයට ලක් විය යුතුය. මගේ ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුකර, සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩිකේටඩ් ලෝන් වැනි මූලාශ්‍ර වලින් වානිජ ණය ලබාගැනීම ඉතාමත්ම අවම මට්ටමකින් පවත්වාගෙන ගියේය. අපේ පාලන සමයේ ව්‍යාපෘති සඳහා විදෙස් ණය ගනු ලැබුවේ 2% වැනි සහනදායි පොලියට දිගු කාලීන ණය වශයෙන්ය. එසේ ලබාගෙන තිබෙන්නේද, යහපාලන ණය ගැනිල්ලට සාපේක්ෂව ඉතාමත්ම සුලු මුදලකි. නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට වැය වූයේ ඇ.ඩො. බිලියන 1.35 කි. හම්බන්තොට වරාය අද තිබෙන තත්වයට ගෙන ඒමට ගත් මුලු ණය ඩොලර් බිලියන 1.26 කි. මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 740කි. මත්තල ගුවන්තොටුපලට ඩොලර් මිලියන 209කි. කටුණායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 292 කි. නෙළුම් කුලුණ ඉදිකිරීමට ගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 67කි. මේ සියලුම ව්‍යාපෘති වලට වැය වූ මුදල් එකට එකතු කළත්, යහපාලන ආණ්ඩුව මේ වසරේදී පමණක් සවරින් බොන්ඩ් දෙකක් හරහා ලබාගත් ඩොලර් බිලියන 4.4ට කිට්ටුවටවත් එන්නේ නැත.
යහපාලන ආණ්ඩුව විසින් අවරුදු පහකට අඩු කාලයක් තුළ ඇතිකළ මේ ණය අර්බුදයේ තරම එයයි. මම පසුගිය වකවානුව පුරාම මේ ප්රශ්නය ගැන විටින් විට ජනතාව දැණුවත් කිරීමට පියවර ගත්තේ මෙහි ඇති බරපතලකම නිසාමය. මගේ ආණ්ඩුව ණය අරගෙන කළේ ආයෝජනයයි. අද වන විට නොරොච්චෝලේ බලාගාරය අධික ලාභ ලබන ව්‍යාපෘතියකි. අධිවේගී මාර්ගද ලාභ ලබන බව විගනකාධිපතිවරයා ගිය අවුරුද්දේ පැවසීය. පුද්ගලික සමාගමකට අවුරුදු 99 කට බදු දී ඇති හම්බන්තොට වරායේ තට්ටු නවයේ පරිපාලන ගොඩනැගිල්ලෙන් 95% ක් දැනටමත් වරාය ආශ්රිත වානිජ මෙහෙයුම් කරන නොයෙක් සමාගම් වලට බදු දී හමාර බව පසුගිය ඉරිදා මාධ්‍යයේ පලවිය. එයින් පෙනෙන්නේ හම්බන්තොට වරායත් තව නොබෝ කාලෙකින් ලාභ ලබන තත්වයට පත්වෙන බවයි. මෑතකදී විවෘත කළ නෙළුම් කුලුනෙන්ද ආණ්ඩුවට විශාල ආදායම් ලබාගත හැක.
නමුත් පසුගිය අවුරුදු හතරහමාර තුළ යහපාලන ආණ්ඩුවෙන් ලබාගත් ඩොලර් බිලියන 26ක විදෙස් ණයෙන්, කිසිඳු කල්පවතින, ආදායම් උපයන ආයෝජනයක් කර නැත. මගේ පාලන සමයේදී මහා පරිමානයෙන් පරිභෝජන ණය ගැනීමට සිදු නොවුණේත්, වර්තමාන ආන්ඩුවට එසේ කිරීමට සිදුවී තිබෙන්නේත් අන් කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩුව මැතිවරණ ජයගැනීමට හා බලය රැකගැනීමට රජයේ මුදල් විසිකිරීම නිසාය. තමන්ගෙ බලය රැකගැනීමට යහපාලන ආණ්ඩුව කරන වියදම් සියල්ල අවසානයේදී ගෙවීමට සිදුවන්නේ මහජනතාවටමය. මීට කළින් පැවති ආණ්ඩු යටතේත්, මේ රටේ නොයෙක් ආර්ථික අර්බුද ඇති වී තිබුණත්, ආණ්ඩුවේ මූල්‍ය පාලනය අවුල් කිරීම තුළින් අපේ රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වූ පළමු අවස්ථාව මෙයයි. ආණ්ඩුවේ මුදල් පාලනය කෙරෙහි මේ තරම් වගකීම් විරහිත ආකල්පයක් දැක්වූ වෙනත් කිසිම ආණ්ඩුවක් නිදහසින් පසු ගත වූ අවුරුදු 71 දී අපි දැක නැත.
මහින්ද රාජපක්ෂ
විපක්ෂ නායක
රට ඉතා අවදානම් අඩියක. අපොස ගණිතය අසමත් මුදල් ඇමතිගේ විශිෂ්ඨ දායකත්වය.
Mahinda is not such an economic expert. Surely,this analyses was written by someone else like Kabraal or Godahewa.Rajapsksha government is also responsible for current debt crisis.
කතාව ඇත්ත නම් ඒක ලිව්ව එකා මොකා උනාම මොකද? හයියෝ උඹ වගේ හරකෙක් !
මේ වගේ ලිපියක් වත් කියවල තේරැම් ගන්න පුලුවන් මිනිස්සු පමනක් මංත්‍රී ල ලෙස පත්කරගත යුතුය්. ගොන්ජලා හැරිසලා මාන්නප්පෙරැමලා හේෂලා නෙවෙය්.
වවුලගෙ ගෙදර ගැහුව සටහනකි මෙය
උඩු යටිකුරු පෙනේ චන්ද දුන් අයට මෙය
මැති ඇමති වැටුප් දීමනා රොකට් සටහන මෙය
දුන්නොත් චන්දය හංසයට යයි සටහන පහලට මය
This Government deliberately ruined the economy.
පවුලක් දියුණු වෙන්න අම්මයි තාත්තයි ආදායම් උපදවන්න ඕනෙ. ඒවායින් පවුලෙ අයගෙ මූලික අවශ්‍යතා සපුරාගෙන, දරුවන්ගෙ අධ්‍යාපනය, සෞඛ්‍යය ආදියට නුවනැතිව යොදවගෙන, කොටසක් ඉතුරු කරගෙන, කොටසක් අමතර ආදායමක් උපයගන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න යොදාගෙන ජීවත් වෙන්න ඕනෙ. හදිසියකට නයක් ගත්තත් ඒ හිතවතෙකුගෙන් නැත්නම් බැංකුවකින්. ගිනි පොලී මුදලාලිලගෙන් නෙවෙයි. ගත්තු ණය පිලිවෙලට ගෙවල ණය ගත්තු කාරණය ඉෂ්ඨ කර ගන්නව. මේ විදියට පවුල දියුනු වෙනව. අම්මයි තාත්තයි අනවශ්‍ය වියදම් පටලවගෙන පවුලෙ දියුනුවට මග අහුරන්නෙවත්, පවුල පාරට ඇද වැටෙන විදියට වැඩ කරන්නෙවත් නැහැ. ඉන්න ගෙදර, කන කර බඩු විකුණගෙන ජෝගි නටන්නෙත් නැහැ. මුදල් අමාරු කාල වලදි වියදම් කපා හරිනව. අත මිට සරු කාල වලදි ඉතුරු කරනව. ළමයි ලොකු මහත් වෙලා පවුලට ආදායම් වැඩි කරනව. පවුලට එලියක් වෙනව. ඒ වගේම පවුලෙ කිසි කෙනෙක් පවුලට පිටින් අනතුරු සිද්ධ වෙන්න දෙන්නෙ නැහැ. ආරක්ෂා කරනව. පවුල පාවා දෙන්නෙ නැහැ, විශේෂයෙන්ම තාත්තා. ඒ වගේම විනයක් සංවරකමක් වැඩිහිටියන්ට ගරු කිරීමක් ආදී වශයෙන් ගුණගරුකත්වයක් හොද පවුලක තියෙනව. ආගමක් දහමක් අදහනවා.
මෙන්න මේ සරල කළමණාකරනයවත් නොදන්න පාලකයො පත් උනහම වෙන දේ තමයි ඔය කියල තියෙන්නෙ. පවුල සංකල්පයට ඉරිසියා කළාට, පවුලක් කාලා නැති අසම්මත මිනිස්සු බලයට පත් උනු දා ඉදං සිද්ධ උනේ රටේ ආරක්ෂාව අකර්මන්‍ය කළා පිට උංට ඕන විදියට. රටේ මිනිස්සුන්ගෙ අවශ්‍යතා වලට, දියුනුවට මහ භාන්ඩාගාරෙ තිබුනු මුදල් මහ දවල් හොරකම් කරන්න ඉඩ ඇරියා. රුපියල බාල්දු කළා. ඩොලරය ඉහල ගියා. ණය පැටව් ගැහුවා. තව ණය ගත්තා. ඒවයින් ආදායම් උපදවන කිසි දෙයක් කළේ නැහැ. ඒ ණය මුදලුත් වියදම් කළා, හොරකම් කළා. වාහන ගෙනාවා. රට ගියා. ජෝගි නැටුවා. ජනතාව පිට බදු පිට බදු ගැහුවා. සුභසාධන කැපුවා. දැං පඩි ගෙවන්න වත් සල්ලි නැහැ. ඒත් බලයේ ඉන්න ඕනේ. ඒ නිසා නීතියත් හදනවා කඩනවා.
අම්මයි තාත්තයි ජෝගි නටල පාරට වැටෙන්න ඔන්න මෙන්න තියෙන පවුලක් වගෙයි අද මේ රට. මේ රට ගොඩ ගන්න පුලුවන් කෙනෙක් තෝරගන්න එක ජනතාවගෙ වගකීම.