යහපාලන විප්ලවයෙන් මට මොකුත් ලැබුනේ නෑ..- රාජිත

December 26, 2017 at 1:20 pm | lanka C news
යහපාලන විප්ලවයෙන් මට මොකුත් ලැබුනේ නෑ..- රාජිත

තනතුරේ සිට ජනතාවට වැඩි සේවාවක් සැළසිය හැකි පුද්ගලයින් පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මොරොන්තුඩුවේ පදිංචි ශාන්ත පෙරේරා මහතා ඇතුලු තරුණ කැල සංවිධානය කළ දුප්පත් දරුවන් 500 කට පාසල් පොත් බෙදාදීමේ උත්සවයකට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. උත්සවය පැවැත්වුයේ මොරොන්තුඩුව සතිපොළ භුමියේ දීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“දේශපාලනයට ඉදිරිපත්වන කොට්ඨාස දෙකක් සිටිනවා. එක කොට්ඨාසයක් තනතුරු ලබාගන්නත්, මුදල් හම්බ කරන්නත් එන පිරිසයි. තවත් පිරිසක් රටට, ජනතාවට සේවය කිරීමට මැතිවරණයට ඉදිරිපත් වෙනවා. පළමු කොටස සීමා සහිත කාලයක් දේශපාලනය කරමින් ජනතාවගේ මුදල් සූරා කනවා. දෙවන කොටස තමන්ගේ මුදල් ද වැය කරමින් ජනතාවට සේවය කරනවා.

ජනවාරි 08 දින සිදු කළ නිහඩ විප්ලවයේ ජයග්‍රහණය ලබාදුන්නේ පොදු ජනතාවයි. සටනට පැමිණියාම අපේ සමහරුන්ටත් සටන තේරුනේ නැහැ. ජනවාරි 08 ජයග්‍රහණයෙන් මට මොකුත් ලැබුනේ නැහැ. මම එදත් ඇමැති. අදත් ඇමැති. නමුත් ජනතාවට ලැබුනු ජයග්‍රහණ දෙස බලා මම සතුටු වෙනවා. දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අපි කැපවිය යුතුයි. එහිදී රජය විසින් වුවත් වැරදි සිදු කරන්නේ නම්. ඒවා මම විවේචනය කරනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

71 views

12 Comments to “යහපාලන විප්ලවයෙන් මට මොකුත් ලැබුනේ නෑ..- රාජිත”

  1. වාචාලකටා says:

    ගේමක් දීහංකො මහබැංකුවේ ගේමට දෙවැනි නොවන්න.

Main News