යහපාලන විප්ලවයෙන් මට මොකුත් ලැබුනේ නෑ..- රාජිත

December 26, 2017 at 1:20 pm | lanka C news
යහපාලන විප්ලවයෙන් මට මොකුත් ලැබුනේ නෑ..- රාජිත

තනතුරේ සිට ජනතාවට වැඩි සේවාවක් සැළසිය හැකි පුද්ගලයින් පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මොරොන්තුඩුවේ පදිංචි ශාන්ත පෙරේරා මහතා ඇතුලු තරුණ කැල සංවිධානය කළ දුප්පත් දරුවන් 500 කට පාසල් පොත් බෙදාදීමේ උත්සවයකට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. උත්සවය පැවැත්වුයේ මොරොන්තුඩුව සතිපොළ භුමියේ දීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“දේශපාලනයට ඉදිරිපත්වන කොට්ඨාස දෙකක් සිටිනවා. එක කොට්ඨාසයක් තනතුරු ලබාගන්නත්, මුදල් හම්බ කරන්නත් එන පිරිසයි. තවත් පිරිසක් රටට, ජනතාවට සේවය කිරීමට මැතිවරණයට ඉදිරිපත් වෙනවා. පළමු කොටස සීමා සහිත කාලයක් දේශපාලනය කරමින් ජනතාවගේ මුදල් සූරා කනවා. දෙවන කොටස තමන්ගේ මුදල් ද වැය කරමින් ජනතාවට සේවය කරනවා.

ජනවාරි 08 දින සිදු කළ නිහඩ විප්ලවයේ ජයග්‍රහණය ලබාදුන්නේ පොදු ජනතාවයි. සටනට පැමිණියාම අපේ සමහරුන්ටත් සටන තේරුනේ නැහැ. ජනවාරි 08 ජයග්‍රහණයෙන් මට මොකුත් ලැබුනේ නැහැ. මම එදත් ඇමැති. අදත් ඇමැති. නමුත් ජනතාවට ලැබුනු ජයග්‍රහණ දෙස බලා මම සතුටු වෙනවා. දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අපි කැපවිය යුතුයි. එහිදී රජය විසින් වුවත් වැරදි සිදු කරන්නේ නම්. ඒවා මම විවේචනය කරනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

85 views

12 Comments to “යහපාලන විප්ලවයෙන් මට මොකුත් ලැබුනේ නෑ..- රාජිත”

  1. Saman says:

    ඇයි හොඳ පපුවක් ලැබුණේ !

    • "විස්කි-මැඩම්" says:

      සෝභිත බලාසිටි රාජිතට බන කියන්නට
      එක්ක එන්න කියලා පනිවිඩෙ දුන්නෙ මට
      මාශල් උන්දැත් එකතුකර දෙන්නම එකට
      එනකම් බලාසිටි පුටුව රත්කරවා හොඳට

  2. ජසයා says:

    මැකෝ, මෙන්න බොලේ පොත් බෙදනවා. පොහොටිටටුව වතුර කෝප්පයක් දුන්නත් තමුන්ගේ කට්ටිය පැනල නවත්තන්නේ. මේවා පේන්නේ නැහැ…… පුහ්…..පුහ්…..පුහ්…….

  3. කොලුවා says:

    එතකොට උඹ නැව් 8 ක් ගත්තේ මිනිස්සුන්ගේ දත් ගලවල වෙන්න ඇති නේද ? පාර්ලිමේන්තුවේ ඉන්න අධිකරණ නියෝගෙකින් ඇමතිකම නැති උන එකම එකා කව්ද බොල ?

  4. sudesh says:

    FCID එකෙන් 18 වාරයක් එන්න කියලත් ගියේ නැති එකා කියන විහිලු කතා .එතකොට ධිවර ඇමැතිවෙලා ඉන්න කොට ගත්ත නැවු .එතකොට උඹේ ඇමතිකම නැතිවෙලා ගියේ බාල සේලයින් ගෙනල්ල අහුවෙලා නඩු දාල තනතුර නැතිවුනේ හොරකම් කරලා නෙවෙයිද ?එතකොට උඹේ ළමයා ගෑනු හොරෙක් නෙවෙයිද ?උ ගෑනු හොරකම් කරගෙන අවම මහා සුධන තාත්තා ආපහු ඒ කෙල්ල දෙමාපියන්ට භාර දුන්නේ නැත්තේ ඇයි?උඹ මහා පිරිසිදු එකෙක් නිසාද ?අනේ ලජ්ජා නැති මිනිහෝ හොරකමට තක්කඩි කමට වංචාකාර කමට අවස්ථාවාදී කමට බඩ ගොස්තරවාදී කමට කටට එන බොරු නොකියා ඉඳපන් අපි දන්නවා උඹ කවුද කියල අද මුළු රටම දන්නවා අපි දන්නවා උඹලගේ පවුලම ලැජ්ජාවක් නැති රට ජාතිය රටේ සම්පත් විකුණාගෙන කන නරුමයෝ කියල ඌර

  5. රාහුල මල්ලී says:

    සුදේශ්…. සුද්ද සිංහලෙන් තේරෙන භාෂාවෙන් කියලා තියෙනවා.. හැබැයි ඔය ගොබිලට ඔව්වා තේරුනත් නොතේරුනා වගේ ඉඳීවී…

  6. silva says:

    thawa awrudu deka thunakin api dennam adaganna jamparayak

  7. john the baptice says:

    බල මාලු වලින් නැවු 8 ක් ගත්තා මදිද? ඉන්දියාවෙන් විදුරු කටු බෙහෙත් ගෙන්වලා ගසා කාපු සල්ලි

  8. Aparaajithaya says:

    Mata mokuth labune naha. Habai nona private secretary, kata hakara putha manthree. Anduwen gewal, supiri wahana, by-pass karanna janathaawage mudal oya madida. Madi nisai kagahanne.

  9. Pina says:

    යකෝ , අප්පච්චි හිටියත් එකයි මට නැතත් එකයි … එකම සැප…. මේ යකාට මුකුත් ලබුනෙ නෑ කියන්නෙ… පස්සෙනුත් හිනා තමයි පනින්නෙ … පොඩ්ඩක් නහය වහා ගන්න….

  10. රොන් says:

    මේකට Verbal Diarrhoea හැදිලා. වැඩේ කියවන එකමයි.

Main News