යහපාලන හැම අතින්ම ජනතාව අපේක්‍ෂා බිද දමලා.. වසවිස නැති ව්‍යාපතියෙන් ගොවියා අනාථයි.. ආර්ථිකය නට්ටටං..- සරත් විජේසූරිය

April 11, 2017 at 2:10 pm | lanka C news
යහපාලන හැම අතින්ම ජනතාව අපේක්‍ෂා බිද දමලා.. වසවිස නැති ව්‍යාපතියෙන් ගොවියා අනාථයි.. ආර්ථිකය නට්ටටං..- සරත් විජේසූරිය

“වත්මන් ජනාධිපතිවරයාට ජනවරමක් ලැබුණේ දේශපාලන ප්‍රතිසංස්කරණ රාශියක් වෙනුවෙනි, එහෙත් දේශපාලන ප්‍රතිසංස්කරණ එරෙහිව ප්‍රතිවිරුද්ධව ජනවරමක් ඉල්ලා සිටි පුද්ගලයින් සමග ආණ්ඩුකරනයේ නිරත වීමට ජනාධිපතිවරයාට සිදු වුනි. මෙය ප්‍රමුඛතම අභියෝගයක් වු බව පැහැදිලියි, මේ අසාමාන්‍ය තත්ත්වය යටතේ රාජ්‍ය පාලනයේ කිසියම් අකාරයක ව්‍යායාකූලතාව ජනතාවට එක්තරා ආකාරයකට දරාගැනීමට අපහසු තත්ත්වයක් රටේ නිර්මාණය කලේය.

ඇතම් අමාත්‍යවරුන් තම අමාත්‍යාංශයේ වැඩ කටයුතු කිරීමේදි දක්වන අසමාර්ථාව මේ තත්ත්වයට එක් උදාහරණයක් වශයෙන් පෙන්නා දෙන්නට පුලුවන. මෙම අසමාර්ථාවය පාලනය කිරීමට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නොහැකි වීම බරපතළ අභියෝගිකාරි වාතාවරණයක් නිර්මාණය කිරීමට හේතුසාධක වුනි”, යයි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය” සභාපති මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකරුවකු වන මහාචාර්ය සරත් විජේසූරිය අද ලංකාදීප පුවත්පතේ “විමසුම” සමඟ සංවාදයක යෙදෙමින් මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල කැපවීමක් කල පවසා ඇත.

මහාචාර්යවරයා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ රටට විශාල වශයෙන් විදේශ ආයෝජන එනු ඇතැයි ජනතාව අපේක්ෂා කලත් එය එසේ සිදු නොවු බවයි. එමෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල දරුණු ලෙස කඩා වැටිම හමුවේ ආර්ථිකය පාලනය කරන උදවියගේ අසමත්කමට මෙය කදිම උදාහරණයක් බවයි.

තවද ඇතම් ව්‍යාපතිවලදි ජනතාවගේ මූලික අවශ්‍යතා ස්පර්ශ නොවන අන්දමින් කටයුතු කරන බවයි, එයට උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ සමහරුන් තම ජනප්‍රියතාවය වැඩි කරන අදහසින් ආරම්භ කල “වස විස නැති ව්‍යාපති” යනාදී හරහා මේ රටේ ගොවියා විශාල අමාරුවක දමා ඇති බවයි. ඒ අනුව මෙවැනිම වැඩ නිසා ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි කලකිරී අසහනකාරි පසුබිමකට තල්ලු වෙමින් පවතින බව ඔහු විසින් මෙම සංවාදයේදි රජයට අනතුරු අගවා ඇත.

159 views
Main News