යහපාලන Top10 අංක 04 කුසලානය ඇමතිනි තලතාටයි.. වංචාව බිලියන 1.41යි..

December 7, 2016 at 1:20 pm | lanka C news
යහපාලන Top10 අංක 04 කුසලානය ඇමතිනි තලතාටයි.. වංචාව බිලියන 1.41යි..

යහපාලන ආණ්ඩුවේ ටොප් ටෙන් දුෂිතයින් අතර සිවුවන තැන විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

විදේශගතවන ශ‍්‍රමිකයින් සදහා ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව විසින් ඩොලර් 60කට ඉහල ප‍්‍රතිලාභ සහිත රක්‍ෂණ යෝජනා ක‍්‍රමයක් සකස් කර තිවියදී ඇමතිනියගේ මැදිහත්වීම එක් පුද්ගලයෙකුට ඩොලර් 100කට අඩු ප‍්‍රතිලාභ ඇති ගල්ෆ් රක්ෂණයක් හඳුන්වා දී මුල්‍ය වංචාවක් කර ඇතැයිද මන්ත‍්‍රීවරයා කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී කීය.

මේ හරහා ඇමතිනිය රුපියල් කෝටි 141ක මුදලක් වංචා කර ඇතැයිද කී මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිල් කරන බවද පැවසීය.

37 views