යහළුවන් සමග නාන්න ගිය තරුණයාගේ මළ සිරුර වැවක පාවෙයි

June 6, 2018 at 8:02 am | lanka C news
යහළුවන් සමග නාන්න ගිය තරුණයාගේ මළ සිරුර වැවක පාවෙයි

 මුලතිව් මුල්ලියාවලෙයි මදවාලසිංහම් වැවෙ පාවෙමින් තිබූ තරුණයෙකුගෙ මළ සිරුරක් ඊයේ (04) සවස සොයා ගත් බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

මුල්ලියාවලෙයි පළමු පටුමගේ පදිංචි 21 හැවිරිදි ඉන්ද්‍රන් තගීසන් නැමති මෙම තරුණයා පසුගිය 03 වනදා සිය මිතුරන් සමග මදවාලසිංහම් වැවට දිය නෑමට ගොස් මිතුරන් සමග ජල ක්‍රීඩාවක නිරත වෙමින් සිටයදී එකවරම දියේ ගිලී අතුරුදහන්ව තිබුණි.

පසුව මිතුරන් හා ප්‍රදේශවාසීන් එක්ව ඒ පිළිබඳව මුලතිව් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලුනු තරුණයා එදින සෙව්වද හමු නොවූ අතර ඊයේ සවස වන විට දියේ ගිලුනු තරුණයාගේ මළ සිසරුර වැවේ පාවෙමින් තිබුනු දැක ප්‍රදේශවාසියෙකු විසින් දැක පොලීසියට දැනුම් දී ඇත.

පසුව පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව තරුණයාගේ මළ සිරුර මුලතිව් රෝහලට රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය තරුණයාගේ මිතුන්ගෙන්ද ප්‍රකාශයන් ලබාගෙන පරික්ෂණ කටයුතු සිදු කරන බවට මුලතිව් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26 views
Main News