යළිත් ඩෙංගු මදුරු මර්දන සතියක්… රෝගීන් 16,000 ඉක්මවයි… මදුරු මර්දනයට 500 ක බලඇණියක්…

March 1, 2017 at 2:05 am | lanka C news
යළිත් ඩෙංගු මදුරු මර්දන සතියක්… රෝගීන් 16,000 ඉක්මවයි… මදුරු මර්දනයට 500 ක බලඇණියක්…

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, ත්‍රීකුණාමලය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

ඒ අනුව මාර්තු මස 29 දින සිට අප්‍රේල් මස 04 දින දක්වා ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. 2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 16479 ක් වාර්තා වී ඇති අතර, මියගිය සංඛ්‍යාව 24 කි.

ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මසයේ දී රෝගීන්ගේ වැඩිවීමෙි අඩුවක් ද දක්නට ලැබෙි.

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම සදහා බලපා ඇති කරුණු පිළිබදව සෞඛ්‍ය, ධීවර, පාලාත් පාලන අමාත්‍යාංශ ඒකාබද්ධව සාකචිඡාවක් ලබන සතියේ දී පැවැත්වීමට ද නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමෙි දී පළාත් පාලන ආයතන කුණු කසල ඉවත් කිරීමෙි මන්දගාමිීභාවය පිළිබදව ද සාකචිඡා කෙරුනි. ඉදිකිරීම් කළාප සහ පාසල් යළිත් වරක් පරීක්ෂා කිරීමට ද මෙහිදී තීරණය විය.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මදුරු මර්දන ක්ෂේත්‍ර සහායකයින් 500 ක් බස්නාහිර පළාත කේන්ද්‍රගතව බදවා ගැනීමට ද නියමිතය. එම සහායකයින් වෙත පත්වීම් ලිිපි ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා ධූමායන යන්ත්‍ර ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ඛෙදාදීම ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත. පළමු අධියර යටතේ ධූමායන යන්ත්‍ර 30 ක් පසුගියදා බස්නාහිර පළාත් සභාවට බාරදෙන ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

33 views

One Comment to “යළිත් ඩෙංගු මදුරු මර්දන සතියක්… රෝගීන් 16,000 ඉක්මවයි… මදුරු මර්දනයට 500 ක බලඇණියක්…”

  1. Anura says:

    මේ මිනිස්සු නම් පුදුම මෝඩ වැඩ තමා කරන්නේ. මොලයක් කියල දෙයක් නැ ති ද ?
    මදුරුවෝ මර්දනය කරලා විතරක් හරියනවද.
    ඩෙංගු මදුරුවාත් රෝගියෙක්, මොකද ඌට උපතින්ම ඩෙංගු නැ හැ,
    දැන් බලන්න සෑම රෝහලකම ඩෙංගු රෝගීන් නිකම්ම ඇදන් වල දාල ඉන්නවා, මදුරු දැලක් වත් කිසිම ආවරණයක් නැහැ.
    මදුරුවාගේ ආහාරය ලේ බොන එක, ඉතින් ඌ ඒක කරන්න ගියහම ඌට ඩෙංගු බෝවෙනවා, ඊට පස්සේ ඌ ලේ බොන හැමට බෝවෙනවා.
    මදුරුවෝ මරල ඉවර කරන්න පුලුවන්ද? මේක හරියට අර මකස ජාතකයේ වැඩ වගේ. ඊට නරකද අපි මදුරුවාටත් ඩෙංගු හැදෙන එක අවම කර ගත්තොත්. සෑම ඩෙංගු රෝගය වැළදුන රෝගියෙක්ම ආවරණ කල පරිසරයක ප්‍රතිකාර කල යුතුයි. එවිට ක්‍රමයෙන් මෙම ඩෙංගු උවදුර අවම කර ගත හැකි නොවේද?

Main News