යළිත් රාජපක්‍ෂලා බලයට එනවා..යහපාලනය අසමත්..- International Crisis Group කියයි..

May 16, 2017 at 10:34 pm | lanka C news
යළිත් රාජපක්‍ෂලා බලයට එනවා..යහපාලනය අසමත්..- International Crisis Group කියයි..

නව ආණ්ඩුව බලයට පත් වී දෙවසරකට වැඩි කාලයක් ගත වී ඇතත්, ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ යළිත් වරක් රාජපක්ෂවරුන් බලයට පත්වීමේ හැකියාව බැහැර නොකළ යුතු බවට ජාත්‍යන්තර සංවිධානයක් ආණ්ඩුවට අනතුරු අඟවයි.

ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group – ICG) එම අනතුරු ඇඟවීම කරන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව දීර්ඝ වාර්තාවක් නිකුත් කරමිනි.

සන්ධාන ආණ්ඩුවේ පළමු මාස නමය ඇතුලත බොහෝ ජයග්‍රහණ ලබාගැනීමට සමත් වූ නමුත් ඉන් අනතුරුව ගතව ගිය කාලය තුළ එයින් ඉදිරියට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකතත්වයෙන් යුතු ආණ්ඩුව අපොහොසත් වූවා පමණක් නොව ඇතැම් අංශවල ප්‍රගතිය පවා ආපසු හරවා ඇති බවත් ICG ආයතනය සඳහන් කරයි.

“ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමයක් සහ දේශපාලාන පක්ෂ හා වාර්ගික පදනම මත සහයෝගය වර්ධනය කිරීමේ දුර්වල අපේක්ෂා පවා අනතුරුදායක තත්වයක පවතී,” යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

මැතිවරණ වේදිකාවේදී පොරොන්දු වූ ප්‍රකාර දූෂිතයන්ට දඬුවම් කිරීමට අපොහොසත්වීම, දේශපාලන ඝාතන සම්බන්ධයෙන් කිසිවෙකුත් දඬුවම් නොලැබීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත්වීම, රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ප්‍රතිසංවිධානය නොකිරීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට සහ ආර්ථිකය යළි ගොඩනංවන බවට දුන් ප්‍රතිඥා ඇතුළු පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව වාර්තාව දීර්ඝ විස්තරයක් කරයි.

ICG ආයතනය පෙන්වාදෙන පරිදි, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂපාතී කණ්ඩායම් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂපාතා කණ්ඩායම් අතර පවතින කඹ ඇදීම් හේතුවෙන් ජනාධිපතිවරයාට පක්ෂපාතී කණ්ඩායම් සංහිඳියාව සහ යහපාලනය සම්බන්ධ ප්‍රධාන ප්‍රතිසංස්කරණවලට විරෝධය දැක්වීම ප්‍රතිඥා ඉටුකිරීම ප්‍රමාදවීමට තවත් ප්‍රධාන හේතුවකි.

මේ තත්වය හමුවේ, “කාලය ඉතා ඉක්මනින් ගෙවී යමින් පවතී. රාජපක්ෂවරුන්ගේ යළි ආගමනය පිළිබඳව පක්ෂ දෙකේම (ශ්‍රීලනිප සහ එජාප) නායකයන් නොසලකා හැරිය යුතු නැත,” යනුවෙන් ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරයි.

– BBC

115 views

24 Comments to “යළිත් රාජපක්‍ෂලා බලයට එනවා..යහපාලනය අසමත්..- International Crisis Group කියයි..”

  1. Galwedda says:

    Wedak naha… Lissala Giya MaRa Ge Awrudu 02 th den iwarai .
    MaRa ta oya athe karakawana Boola walama Phihitai.

  2. Donald I Wilegoda says:

    Under Mahinda and Gota Sri Lanka will be a great country again!!!!

  3. White Shark says:

    It is common knowledge that this International-NGO is a LTTE supporter. Is their any reason for them to say this? Of course, they are trying to use this as a tool to manipulate the Sri Lankan govenment to fulfil their demands.

    Rajapaksas’ coming back to power is highliy unlikely, eventhough this government is failed. The choice for the next Government will not be another SLFP or a UNP of which people have lost their faith.

    None of the Sinhalese, especially Buddhists will never vote for any Party that have secret or open deals with Tamil/Muslim Parties and NGO jockeys. I leave out UNP, as they have no chance again at all.

    The mindset of Sinhalese is totally different now. “I want to protect my country” will set as the criteria at the next election. People now know by their hearts what is best for the country. Sinhalese will totally reject ANY Alliance/Coalition with Tamil and Muslim Parties and/or NGO connections. It is highly likely that Sinhalese will demand a single Political Party for themselves, preferably a Left-Wing, the policies of which will be beneficial to all ethnicities.

    • kate says:

      අනේ පලයන් යන්න NGO කාක්ක. Galle face crowd showed what general public think. Stop bullshitting and mind ur own business.

      • Champa says:

        ඒ තරම් sure නිසා වෙන්නැති ඒකාබද්ධ විපක්ෂය අන්තර් ආණ්ඩුවක් පිහිටුවන්න අවස්තාවක් ඉල්ල ඉල්ලා මෛත්‍රී පස්සේ යන්නේ. ඒ ආපු මිනිස්සු කවුරුවත් ආණ්ඩුවට ඉල්ලා අස් වෙන්න කිව්වේ නැත්තේ මොකොද? ආණ්ඩුවෙන් පගාවක්වත් අරගෙනද?

        අනිත් එක මේ වගේ කොටින්ට එදා ඉඳන් support කරපු INGO එකක් කියපු දෙයක් පාවිච්චි කරන්නේ සෑහෙන sure එකක් තියෙන හින්දම වෙන්න ඕනේ.

        මිනිස්සුන්ට SLFP, UNP හැම එකාම එපා වෙලා ඉවරයි. ආයෙ ආවත් මේකම තමයි කියල මිනිස්සු දන්නවා.

  4. Mohammadu says:

    Kawru awath agamethi Saha cabinet eka path karanne ape janadi pati maitree pala sirisena.danne nethinam denaganew.

Main News