යළිත් සංචරණ සීමා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්..

October 4, 2021 at 10:02 pm | lanka C news
යළිත් සංචරණ සීමා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්..

සංචරණ සීමා ලිහිල් කර ඇති පසුබිමක ව සෞඛ්‍ය මාර්ගඋපදේශ නොතකා කටයුතු කරන්නේ නම් අකමැත්තෙන් වුවද නැවතත් සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනතාව ඉතා ‍ප‍්‍රවේශමෙන් කටයුතු නොකළහොත් නැවතත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවත් එවිට 15 වැනිදා පූර්ණ රට විවෘත කිරීමට යා හැකි වේදැයි කිව නොහැකි බවත් ඒ මහතා පැවසුවේය.

ඒ හේතුවෙන් සෞඛ්‍ය මාර්ගඋපදේශ තරයේම පිළිපදින්නැයි තමන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

152,718 views

6 Comments to “යළිත් සංචරණ සීමා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්..”

  1. ඔයා මේ ලංකාව ගැනද මේ කියන්නේ 😋😋

  2. Asela says:

    100% දැනුවත්ව කියන්නේ. දැනටමත් යාල,නුවරඑලිය යන්න පටන් අරන්. පලාත් සීමා වලංගු නැත

    • නාරද says:

      සංචරන සීමා කඩනවාද ‌අරවා මේවා පරීක්ෂා කරන්න පොලිස් පොඩ්ඩො බය වෙලා ඇති අපරැක්ක සීන් එක වාගේ තමන්ව මුල්ලකට මාරු කරයි කියලා. මේ වාගේ බූරු ලොක්කන්ට දඩුවම් දීලා රටට හෙලිකල යුතුයි

  3. Norata Eka says:

    එතකොට රටේ ඩොලර් ප්‍රමානය බිංදුවට හින්දලා, ගහපු එන්නතෙන් කිසිදු ආරක්ශාවක් නැද්ද????

    • කුඹුක්කණ් says:

      වැඩකට නැති එන්නත් මාර්කට් කර රටේ සල්ලි විනාශ කරන ලද ඇලොපතියන්ගේ දීමනා වරප්‍රසාද, පර්මිට් සියල්ල තහනම් කල යුතුය.

      අයියෝ සල්ලි, එන්නත් ගහලා මිනීමරලා මුං අපේ විදේශ විනිමය කාබාසිනියා කලා. දැන් මගුලක් කියවනවා.

  4. W V Kaweeshwara says:

    Ane me boru nokara idin oya margaupadeshana danne prauththi wala vitharai katin kiyana margaupadeshana harinam owa gana hoyala balanna kattiya danna one hama nagarekama nathuwa prauththi walin boruwata kiyeuwata wadak na nikan boru baila nogaha prayogika kramawedayak hadala nithiya nothaka kriya karana isthana wasadamanna katauthu karanna bailane bn kawada me rawattanne.

Main News