යාපනයට දැඩි ගංවතුරක්.. 60,000ක් පීඩාවේ.. නල්ලූර් කෝවිලත් යටවෙයි..

December 6, 2020 at 10:00 am | lanka C news
යාපනයට දැඩි ගංවතුරක්.. 60,000ක් පීඩාවේ.. නල්ලූර් කෝවිලත් යටවෙයි..

යාපනය දිස්ත්‍රීක්කයට දින පහකට ආසන්න නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ රැසකට දැඩි ගංවතුර තත්වයක් ඇතිව තබෙන බවට දිස්ත්‍රීක්  ආපදාකලමනාකරන ඒකකය පවසයි.

බුරවී සුලිකුණාටුව හා පසුව ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මේ වන විට පවුල් 17,243 කට අයත් පුද්ගලයින් 57,513 ක් පීඩාවට පත්ව ඇත.

යාපනයේ නල්ලූර්, ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, උඩුවිල්, පේදුරුතුඩුව, තෙලිප්පලෙයි, කරවෙඩ්ඩි, කෝපායි ඇතුලු ප්‍රදේශ රැසකට මෙලෙස වර්ෂාව හා ගංවතුර තත්වයන් හේතුවෙන් ජනතාව දැඩි ලෙසින් පීඩාවන්ට පත්ව ඇත.

පවතින ගංවතුර තත්වයන් හේතුවෙන් යාපනය නල්ලූර් කොවිල් භූමිය ඇතුලු මාර්ග කිහිපයක ගමනාගමනයද නැවතී ඇති අතර අතුරු මාර්ග කිහිපයක ගමන් කිරීම අනතුරුදායක හා වසාදැමීමටද සිදුව ඇති බවට යාපනය ආපදාකලමනාකරන ඒකකය වැඩි දුරටත් පවසයි.

මේ අතර සුලං සහ වර්ෂාව හේතුවෙන් යාපනයේ නිවාසද 2500 කට අධික හානි සිදුව ඇති අතර නිවාස 62 ක් සම්පූරණයෙන්ම විනාශ වී ඇති අතරම පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවටද වාර් ථා වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,101 views

5 Comments to “යාපනයට දැඩි ගංවතුරක්.. 60,000ක් පීඩාවේ.. නල්ලූර් කෝවිලත් යටවෙයි..”

  1. බූල් හැලුන හූල් says:

    දෙමළ ජනයා වෙනුවෙන් පෙනි ඉන්න එවුන් ගිහින් කොරන්නෙ නැතෑ දැන්

    • Kandy Kollek says:

      What a waste of our tax payer’s money on some who will never be grateful for any thing done for them

  2. Nallur God says:

    I cannot even protect my own kovil from flooding.

    Dumbos who worship me and seek my protection have to come without a shirt into my kovil. Now I need some cloths!!!!

  3. KDN says:

    Where is Yasmin suka the notorious international woman terrorist. Please good lady why don’t you come to Sri lanka and help the tamils .You come with your DIASPORA FRIENDS vineshvaran will look after your meals and liquor

  4. Maha sinhale says:

    කොලොබ ඉන්න බ්‍රහ්මන් සුමන්දිරන්ලා සම්බන්දලා ගෙන් උතුරේ ඉන්න කුලයෙන් හීන දලිත්ලාට කිසිම පිහිටක් නැහැ කනගාටුයි.

Main News