යාපනයම භීතියෙන්.. යතුරු පැදි මාර සේනාව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මහ දවාලේ මහමග කපා කොට දමයි..
July 31, 2017 at 12:06 am | lanka C news
යාපනය කෝපායි පොලිස් වසමේ නන්දාවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී ඊයේ (30) පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදි කල්ලියක් විසින් තියුණු ආයුධ වලින් පහර දීම නිසාවෙන් තුවාල ලත් පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.
කෝපායි කොකුවිල් මාර්ගයේ නන්දාවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී ඊයේ දහවල් 1.45 ට පමණ මෙම පහර දීම දිසු කොට ඇති අතර අදාල සදුවීමට මුහුණ පා ඇත්තේ සිංහල හා දෙමළ පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකි.
අදාල පොලිස් නිලධාරීන් දෙදෙනා කෝපායි ප්රදේශයේ පැමිණිළි විභාග කිරීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදි 4 කින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ විලින් පහර දී ඇති අතර එහිදී කැපුම් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලේ හදීසි අනතුරු අංශයේ ප්රතිකාර ලබන බවට පොලීසිය සඳහන් කොට සිටියේය.
මෙම සිදුවීමෙන් තුවාල ලබා ඇත්තේ මන්නාරම් මුරුන්ගන් ප්රදේශයේ පදිංචි සුරෙන් හා අනුරාධපුර ප්රදේශයේ පදිංචි දම්මික නැමති කොස්තාපල් වරුන් දෙදෙනෙකි.
අදාල පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදුන් පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර එම පිරිස් සොයයා විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද කෝපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ