යාපනයෙන් කොටි බෝම්බ 41ක් හමුවේ.. ක්ලෙමෝ 12යි.. මෝටාර් 06යි..
October 26, 2017 at 5:30 pm | lanka C news
යාපනය කොඩිකාමම් පොලිස් වසමේ කච්චායි පාදිරියායකුලම් ප්රදේශයේ පාලු ඉඩමක තිබූ ළිඳකින් එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ආයුධ රැසක් ඊයේ (25) සවස හමුවූ බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසූහ.
පාදරියාය කුලම් ප්රදේශයේ අදාල පාලු ඉඩම හිමි කාරිය වූ ජේ. කේදීස්වරී නැමත්තියක් වන අතර යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කවුරේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සම්පත් කුමාර මහාතා වෙතට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසියකදී ළිඳ තුල තිබූ මෙම කොටි අයුධ තොගය හමු වී ඇත.
මෙසේ හමු වූ ආයුධ අතර විදෙස් නිශ්පාදිත ජීව අත්බෝම්බ 29 ක් , කොටි සංවිධානයේ නිශ්පාදිත තමිලන් ගුණ්ඩු නැමති අත්බොම්බ එකක්, අදිබලැති ක්ලේමෝ බෝම්බ 12 ක්, මිලිමීටර් 60 මෝටාර් බෝම්බ 06 ක් මේ අතර වෙයි.
යුද සමයේදී කොටි සංවිධානය විසින් පලා යන අවස්ථාවකදී මෙම ආයුධ තොගය ළිඳට දමා පලා යන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැක පල කර සිටියහ.
මෙසේ සොයාගත් ආයුධ තොගය අධිකරණ නියෝගයක් පරදි නිශ්ක්රීය කිරීමටද යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔවා දියවැන්නාවෙ පැත්තේ මුල්ලක තියන්න, අපිට ප්රයෝජනවත් වෙයි