යාපනයෙන් තවත් කොරෝනා 03 දෙනෙක්.. තිදෙනාම ස්විස් දේවගැතිගේ පූජාවට සම්බන්ධ වූවන්.. එක් අයෙකු මෙරට ප්‍රධානියා…

April 3, 2020 at 10:04 am | lanka C news
යාපනයෙන් තවත් කොරෝනා 03 දෙනෙක්.. තිදෙනාම ස්විස් දේවගැතිගේ පූජාවට සම්බන්ධ වූවන්.. එක් අයෙකු මෙරට ප්‍රධානියා…

කොරෝණා වයිරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට ඊයේ (02) දිනය වන විට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පැවසුවේය.

අදාල රෝගීන් තිදෙනාගෙන්  පළමුව එක් රෝගියෙකුත් අනතුරුව තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයෙන් හමුවූ මුලු රෝගීන් ගණණ 04 ක් වන අතරම එම රෝගීන් 04 දෙනාම කොරෝණා වයිරස්ය වැළඳුනු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයන්ට සහභාගී වූවන් වශයෙන් හෙලි වී ඇති බවටද වෛද්‍ය සත්‍යමූර්ති මහතා පැවසුවේය.

මේ අතර ඊයේ (02) දින වාර්ථා වූ රෝගීන්ගෙන් එක් අයෙකු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ නිකායට සමබන්ධ ශ්‍රීලංකාවේ ප්‍රධානියා වශයෙන්ද තොරතුරු වාර්ථා වී ඇත.

අරියාලෙයි ප්‍රදේශයේ ස්විස් දේවගැතිවරයා විසින් පවත්වන ලද දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රීක්කයන්ගෙන් පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර ඉන් හඳුනාගත් 50 කට අධික පිරිසක් හඳුනාගෙන පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරෝධායනය කිරීමටද පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

44,035 Viewers

15 Comments to “යාපනයෙන් තවත් කොරෝනා 03 දෙනෙක්.. තිදෙනාම ස්විස් දේවගැතිගේ පූජාවට සම්බන්ධ වූවන්.. එක් අයෙකු මෙරට ප්‍රධානියා…”

  1. Gulla says:

    යාපනයට කොරෝනා මඩින බෝම්බ වහා හෙලන්න

    • අල්ලපු ගෙදර තිනන් says:

      Gullaට පයිත්තියන්ද?

      ලෙඩේ පැතිරෙන එක වලක්වන්නත්, ලෙඩ වුනු අය බේරගන්නත් හමුදාව දිවා රෑ නොබලා වැඩ කරනවා.

    • Sanka Sandamal says:

      Hai….!
      They are the peoples like us…..!

    • Me says:

      ඔච්චචරටම මෝඩද? තවම කොරෝනා මැඩපැවැත්විය හැකි කිසිදු ක්‍රමයක් නැත.
      සියල්ලෝම සුවපත් වෙත්වා!

  2. Nishantha says:

    I hope government would take necessary action against extremist mad religious activists like this. However, how can this poor country afford to spend innocent tax payers money on such foolish gatherings. Why wasn’t the BIA closed by then. My humble question, as really don’t know……?

  3. firdhaws says:

    den kiyapalla meka ;;; catholic corona ;;; kiyala?😡😡😡 pitatatin evith bo karalama gihin moda buruvone. den mokakda ombala kiyanne????

    • බන්ඩා says:

      ජේසුස් එකම උනාට කැතලික් හෙවත් කතෝලික පල්ලිය ඔය දේවගැතිය වගේ උන්ගෙ අන්තවාදී ක්‍රිස්තියානි නිකායට වෙනස්.

      • බන්ඩා says:

        දෙවියා එකම යේසුස් උනාට කැතලික් හෙවත් පෝප්ගෙ කතෝලික පල්ලිය ඔය දේවගැතිය වගේ ‘බෝන් අගේන්’ ක්‍රිස්තියානි නිකාය වලට වෙනස්. නමුත් යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඔක්කොම ආදම් සහ ඊවා මැව්ව (ඒබ්‍රහම් සොයා ගත්) දෙවියන් අදහන දේවවාදීන්ය.

  4. firdhaws says:

    den kiyapalla meka ;;; catholic corona ;;; kiyala?😡😡😡 pitaratin evith bo karalama gihin moda buruvone. den mokakda ombala kiyanne???? negomobo wala merichcha muslim ekata lede dunneth jaffnawala me devagathiyata sambanda un therenawada thopilata. den wath bedennethuwa ekata hidala me viyasenayen beremu nethnam okkoma ekatamai metenna venne,,,,, therum ganilla😢😢😢😢😢

    • U.N.J.V.P says:

      මෙි දේවගැතියො කතෝලික නෙවෙයි. මුන් මුලධර්මවාදි කිස්තියානි කල්ලිවලට අයත් ආගමික අන්තවාදියො

    • Me says:

      firdhaws says:
      April 3, 2020 at 11:09 am
      “……,den wath bedennethuwa ekata hidala me viyasenayen beremu nethnam okkoma ekatamai metenna venne,,,,, therum ganilla”
      මේක තමයි වෙන්න ඕන. බෙදී ගියොත් රට යයි සුන්වී. එකාවන්ව එක්වෙමු. උපදෙස් තරයේ පිළිපදිමු. සියල්ලෝම සුවපත් වේවා!

  5. SL says:

    Government should not entertain or allow permission to have this type of extremist relious gatherings. Government has to go out little bit from democracy and put stern rules not to have this type of various religious gatherings. We have buddhism, chritiany, hindy and islamic. other than that should not allow any cathelic extermist ormulim extermis to have any variations. These gatheringsbrain wash innocent people’smind.

  6. Eiffel says:

    මිත්‍යා දෘෂ්ඨික යො මේ ලෙඩේ ලෝකය පුරා බෝ කරමින් යනවා..

    කොරියාට, මැලේෂියාව කියන රටවල් දෙකම වසංගතයට ලක් වුනේ මේ මෝඩ ආගම් කාරයො නිසා…

  7. Kgs basnayake says:

    Giving religious freedom has now become a disaster.
    there should be proper law to stop dirty religious practices including existing dewala, etc

  8. Chatura putha says:

    මේ කොරෝනා දෑවැද්ද දීපු එකා දේව ගැතියෙක් නම් ඌ ගැතිකම් කරන දෙයියො කොහෙද ඉන්නෙ? මේ අන්ධ භක්තිකයින්ව බේරගන්න ඇයි ඒ දෙයියන්ට බැරි.

Main News