යාපනයේදී දමිළ පුවත්පත් බෙදාහරින්නෙකුට පහරදීමක්.. 10 දෙනෙකු පමණ යුතුපැදිවලින් පැමිණ පහර දී පලා යයි..

May 29, 2018 at 2:07 am | lanka C news
යාපනයේදී දමිළ පුවත්පත් බෙදාහරින්නෙකුට පහරදීමක්.. 10 දෙනෙකු පමණ යුතුපැදිවලින් පැමිණ පහර දී පලා යයි..

යාපනය නගරයේ බ්‍රවුන්ස මන්සන්ධියේදී  (28) පුවත්පත් බෙදාහරිමින් සිටි පුද්ගලයෙකුට යුතුපැදිවලින් පැමිණි පිරිසක් විසින් පහර දී පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

උදෑසන 5.30 ටපමණ 53 හැවිරිදි සෙල්වරාසා රාජෙන්ද්‍රන් නැමති පුද්ගලයා යාපනයේ මුද්‍රණය කෙරෙන කාලෙයි කදිර් නැමති පුවත්පත බෙදාහරිමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

යතුරු පැදිවලින් පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් එකවරම තමන්ට පහරදීම සිදු කල බවටත් පහරදුන් පිරිස් හඳුනාගැනීමට නොහැකි අයුරින් පහරදුන් බවටද පහරදීමෙන් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබන සෙල්වරාසා රාජෙන්ද්‍රන් විසින් පොලීසියට පවසා ඇත.

අදාල පහරදීමට සම්බන්ධ කිසිවෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලීසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂනයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19 views
Main News