යාපනයේදී පොලිස් ජිප් රථයක් පැහර ගනී..
September 12, 2018 at 10:00 am | lanka C news
යාපනය කෝපායි චෙට්වේලී ප්‍රදේශයේදී පැහැර ගැනීඹකට ලක් වූ පොලිස් ජිප් රථය සොයගත් බවටත් සැකකරුවන් සිව් දෙනෙකු අද (12) අළුයම වන විට අත්අඩංගුවට ගත් බවටත් කෝපායි පොලීසිය කියා සිටියේය.
කෝපායි පොලීස් වසමට අයත් චෙට්වේලි ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රියේ කිසියම් පිරිසක් මත් පැන් පානය කොට පහර දී ගැනීමක් සිදුව ඇති අතර අදාල නොසන්සුන්තාවය පිළිබඳ කෝපායි පොලීසියට දැනුම් දීමෙන් පසුව කෝපායි පොලීසියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජිප් රථයෙන් අදාල ස්ථානයට ගොස් ඇත.
පහරදී ගැනීම සිදු වූ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් තත්වය පාලනය කොට කෝලාහල සිදු කල තිදෙනෙකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇති අතරතුර කෝලාහල සිදුකල බීමත් තවත් පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරීන් පැමිණි ජිප් රථය රැගෙන පලා ගොස් ඇත.
එහිදී පොලිස් නිලධාරීන් ජිප් රථය පසුපස ලුහුබැඳ ඇති අතර ජිප් රථය පැහැරගෙන කිලෝමීටර් 09 ක් පමණ ධාවනය කොට යාපනයේ වැලි ගොඩ දමන ස්ථානයක් වූ කට්ටායි නැමති ප්‍රදේශයේ ජිප් රථය දමා සැකකරු පලා ගොස් ඇත.
පසුව අද අළුයම 5ට පමණ කෝපායි පොලිස් නිලධාරීන් විසින් ජිප් රථය පැහැරගත් බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුත් සමග අත්අඩංගුවට ගත් සිව් දෙනාම අධික ලෙස මත්පැන් පානය කොට සිටි බවටද කෝපායි පොලීසිය කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) දින යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන කෝපායි පොලීෂිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Me okkotoma vagakiyanna ona hora Mahindaya. U hinda thamai yuddden passe hondata thibba uthuru nagenahira me thathweta path une
” DAN SATHUTUDA “
පොළොන්නරුවේ රජතුමා කියනවා මේ ගැන දැනගත්තේ පත්තරේන්ලු
Christie, මේ ඔක්කොටම වග කියන්න ඕනේ මහින්ද නොවේ. තොපි වගේ අසමජ්ජාති කාලකන්නි දේශද්‍රෝහී ජඩයො.
Driver of the Police vehicle should be Interdicted and given a Charge Sheet.