යාපනයේදී පොලීසියට පහර දුන් ප‍්‍රධාන සැකකරු හිටපු කොටි සාමාජිකයෙක්..- පොලිස්පති

July 31, 2017 at 8:01 pm | lanka C news
යාපනයේදී පොලීසියට පහර දුන් ප‍්‍රධාන සැකකරු හිටපු කොටි සාමාජිකයෙක්..- පොලිස්පති

යාපනය කෝපායි කොකුවිල් නන්දුවිල් අමාමාන් කෝවිල අසලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පිරිසෙහි ප්‍රධාන සැකකරු ආවා කල්ලියේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට හඳුනාගෙන ඇතයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කියා සිටියේය.

පොලිස්පති වරයා මේ බව කියා සිටියේ අදාල ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා බැලීමට යාපනය ශික්ෂණ රෝහලට යාමෙන් පසුව පොලිස්පති වරයා විසින් පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.එහිදී අදහස් දැක්වූ පොලිස්පති වරයා කියා සිටියේ,

‘මේ පහර දීම යතුරුපැදි 7 කින් පමණ 15 දෙනෙකු පමණ සහභාගී වෙලා තියනව කියල දැනට තොරතුරු ලැබී තිබෙනවා මෙම පහර දීමේ ප්‍රධාන සැකකරු වශයෙන් දැනට තොරතුරු අනාවරණය වී ඇති අකාරයට ආවා කල්ලයට සමබන්ධ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු කියල තමයි දැනගන්නට ලැබෙන්නේ ඊට අමතරව තවත් 6 දෙනෙකු පිලිබඳව තෙරෙතුරු ලැබිලා තියනවා මේ පහර දීමට පැමිණි පිරිස් සියල්ලන්ම තරුණයින් කියලා තොරතුරු ලැබිලා තියනවා.

පවතින තත්වය පාලනය කිරීමට හා අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම නාවික හමුදාව , ගුවන් හමුදාව හා යුද හමුදාවෙත් සහය ලබාගෙන පවතින තත්වය පාලනය කිරීමට පියවර අරන් තියනවා ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ධ උපරිම පියවර අරන් තියනවා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවලා තියනවා ඒ වගේම අමතර පොලිස් මුර සංචාර කිහිපයක් යොදවලා තියනවා මේ ක්‍රියාවලියට මාධ්‍යෙයත් සහය අවශ්‍යයයි. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

104 views
Main News