යාපනයේදී යතුරුපැදි කල්ලියක් පුතාට පහරදෙද්දි බේරන්න ගිය මවට පහර වැදි මව මිය යයි…
October 15, 2018 at 12:00 pm | lanka C news
යාපනය කෝපායි ඌරලු ප්‍රදේශයේදී යතුරුපැදි කල්ලියකින් සිදු කල පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ඊයේ (14) රාත්‍රියේ මිය ගොස් ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.
ඌරලු බටහිර ප්‍රදේශයේදී යතුරුපැදි හතරකින් 08 දෙනෙකුගෙන් යුත් පිරිසක් මාර්ගයක ගමන් කරමින් සිටියදී මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් තරුණයෙකු සමග බහින්බස්වීමක් ඇතිව තිබෙන අතර බහින්බස් වීම දුරදිග ගොස් එය ආරවුලක් බවට පත් වී ඇත.
පසුව යතුරුපැදිවලින් පැමිණි තරුණයින් පොලු මුගුරු වලින් අදාල තරුණයාට පහරදීම සිදු කල අවස්ථාවේදී පහරකෑමට ලක් වූ තරුණයාගේ මව එම ස්ථානයට දිව විත් පහරදීම වැලක්වීමට පියවර ගෙන ඇත. එම අවස්ථාවේදී එක් තරුණයෙකුගේ පොලු පහරක් මවගේ හිස ප්‍රදේශයට වැදීමෙන් බරපතල තුවාල ලැබීමත් සමග පහරදුන් තරුණයින් පලා ගොස් ඇති අතර තුවාල වූ කාන්තාව රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.
පහරදීමෙන් මිය ගොස් ඇත්තේ 58 හැවිරිදි ඌරලු බටහිර ප්‍රදේශයේ පදිංචි චන්ද්රරාජා විජේකුමාරි නැමති කාන්තාවක් වන අතර පහරදීම සිදු කල පිරිස් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවටද කෝපායි පොලීසිය කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Aaaane podi kollo….chandiyo vella ama kenekut marila..
Oka ganan ganna epa. podi kollange vadak.
මේ හැමදෙයින්ම පෙනෙන්නේ තාවකාලික විසදුම් වලින් ප්‍රශ්න තවකාලිව යට ගැහුවත් ඒවා අළු යට ගිනි පුපුරැ මෙන් තිබී නැවත මතු වී ඇවිලෙන්නට පටන් ගන්නා බවයි.(කොටි ත්‍රස්තවාදය ලංකාව බටහිර නව යටත් විජිතයක් වශයෙන් පැවතීමේ ප්‍රතිපලයකි…ලංකාව එම තත්වයෙන් පවතින තාක් ප්රශ්නය නැවත පැන නගී).
අර්බුදය පවතින්නේ බටහර විසින් ස්ථාපිත කර ඇති මේ නව යටත් විජිත රාජ්‍යය ව්‍යූහය හා යාන්ත්‍රණය තුලයි.එය කිසිසේත්ම ජනතාවගේ රාජයක් නොවේ.මේ රාජ්‍යය බටහිර බලවේග වලින් මෙහෙයවෙන, හොරැන් දූෂිතයන් කෙෙරාටිකයන්, කූඨ ව්‍යාපාරික හවුල් එකට එක්ව බලය හොබවන ජනතා විනාශකාරී එකකි.
විසදුම එය පෙරලා දමා ජනතාව අතට බලය ලැබෙන ජනතාවගේ රාජ්‍යයකි !!!!!
SWAYAN NIRNAYA AITHIYA DEEPIYA.
ආවා කල්ලියේ අය අත් අඩංගුවට ගත පසු උසාවි වලින් ඇප දී නිදහස් කරනවා. බෙදුම්වාදී හැමතැනම
යකෝ උබලට මේ තුප්පහි කල්ලිය මෙල්ල කරගන්න බැරි හැටි. ඉතින් කොහොමද නැවත LTTE පැමිණියොත් දුවන්න වෙන්නේ තොපිලාගේ ඔය හොර සිල් සුදුරේද්ද ඔසවාගෙන නොවේද? දීපන්කො අපේ ගොට්ට කරලා පෙන්වන්න.එක මාසයයි.මෙඋන් කොහේ කියලාවත් සොයාගන්න බැරිවේවි.
………………. ‘ක්ෂණික ඇප’ …………….
කලබල වෙන්න ඕනේ නැහැ මේ කරන්නේ දකුණු ඉන්දියානු Film බලලා
PAW, ” DARU SENEHAS TA DEVE PIDU MAWAK. ”
ME WATA RAJAYA WAGA KIWA
UTHIEE.