යාපනයේදී යුද හමුදා සෙබලෙකු වෙඩිතබාගෙන සිය දිවි හානි කර ගනී..

June 29, 2018 at 12:40 pm | lanka C news
යාපනයේදී යුද හමුදා සෙබලෙකු වෙඩිතබාගෙන සිය දිවි හානි කර ගනී..

යාපනය අරාලි ප්‍රදේශයේ පිහිටි 17 වන ගැමුනු හේවා බලකා කඳවුරට අයත් යුද හමුදා සෙබලෙකු ඊයේ (28) රාත්‍රියේ සිය ගිනි අවියෙන් වෙඩිතබාගෙන මිය ගොස් ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.

අරාලි කොබ්බෑකඩුව පිලිරුව ආසන්නයේ පිහිටි යුද හමුදා කඳවුරේ මුර පොළක සිටි අදාල යුද හමුදා නිලධාරියා සියි මුර සේවයේ යෙදී අවසන් වූ අවස්ථාවේදී ගිමන් හැරීම සඳහා ආසන්නයේ පිහිටි ගසක් මුලට ගොස් විනාඩි 15 කට පමණ පසුව යුද හමුදා සෙබලාගේම ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියිදිවි හානි කොට ගෙන ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.

මෙසේ සිය දිවි හානි කොට ගෙන ඇත්තේ 17 වන ගැමුනු හේවා බලකා කඳවුරේ සේවය කළ 24 හැවිරිදි ජේ.එස්.ආර්. උදයකුමාර් වන අතර ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි වූවෙකු බවට තොරතුරු අනාවරනය වී ඇත.

කෙසේ වෙතත් කයිට්ස් පොලිස්  නිලධාරීන් විසින් මිය ගිය යුද හමුදා සෙබලා පරික්ෂා කිරීමේදී සෙබලාගේ නිලඇඳුමේ සාක්කුවක ලිපියක් ඔහු විසින් ලියා තිබූ අතර එහි ලියා ඇත්තේ මා සමග රාජකාර සිදු කල සෙබලුන් දෙදෙනාට දඩුවම් නොකරන ලෙසටත් ඔවුන් කිසිවෙක් මෙයට සම්බන්ධ නොමැති හෙයින් තමන් ජීවිතය නැති කරගන්නා බවටත්ය.

යුද හමුදා සෙබල කිසියම් පෞද්ගලික හේතුවක් හේතුවෙන් සියදිවි හානි කරගන්නට ඇති බවට පරික්සණ සිදු කරන කයිට්ස් පොලීසයි වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15 views

One Comment to “යාපනයේදී යුද හමුදා සෙබලෙකු වෙඩිතබාගෙන සිය දිවි හානි කර ගනී..”

  1. SUNIMAL says:

    නිවන් සැප ලැබේවා

Main News