යාපනයේදී සන්නද්ද යතුරුපැදි කල්ලියකින් තවත් ප‍්‍රහාරයක්..

July 3, 2021 at 2:22 am | lanka C news
යාපනයේදී සන්නද්ද යතුරුපැදි කල්ලියකින් තවත් ප‍්‍රහාරයක්..

යාපනය මරුදනාර්මඩම් ප්‍රදේශයේ නිවසකට 01 රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් පැමිණ දේපල හානි සිදුකොට පලා ගොස් ඇතැයි චුන්නාකම් පොලීසිය පවසයි.

මරුදනාර්මඩම් වෙළඳපොළ ආසන්නයේ පිහිටි අදාල නිවසට යතුරුපැදි 04 කින් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් පැමිණ අදාල ප්‍රහාරය සිදු කොට ඇති අතර තියුණු ආයුධ සමගින් පැමිණි පිරිස් නිවැසියන් බිය ගන්වා තර්ජනය කොට ගෙමිදුලේ නවතා තිබූ පාපැදියකට සහ ත්‍රී රෝදරථයකට ඇතුලු දේපලවලට හානි කොට පලා ගිය බවට නිවැසියන් පොලිසියට පවසා ඇත.

මේ අතර ගෙවී ගිය දින පහක කාලය තුලදී යාපනයේ ස්ථාන 04 කදී තියුණු ආයුධ ගත් කල්ලි පහරදීම් 04 ක් වාර්ථා වී ඇති අතර ඉන් 08 දෙනෙකු තුවාල ලබා දේපලද රැසක් සිදුව ඇති බවට පොලීසිය පෙන්වා දෙයි.

එහිදී කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් සෙල්වපුරම් ටික් ටොක් වීඩියෝ ස්ථානයට පහරදී පුද්ගලයින් 08 දෙනෙකුට තුවාල සිදු කොට දේපල විනාශ කිරීම, කොණ්ඩාවිල් පූතූර්හි නිවසක දේපලවලට හානි කිරීම, කොකුවිල් කොවිලඩි නිවාස දෙකක දේපල හානි සිදු කිරීම සහ අවසන් සිදුවීම වූ මරුදනාර්මඩම් නිවසේ දේපලවලට හානිකිරීම යන සිදුවීම් වාර්ථා වී ඇත.

කෙසේ නමුත් අදාල පහරදීම් සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නෙමැත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,723 views

One Comment to “යාපනයේදී සන්නද්ද යතුරුපැදි කල්ලියකින් තවත් ප‍්‍රහාරයක්..”

  1. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    සිරිසේන ඉන්නකම් ඔහොම තමා. ස බලෙට ආපු ගමන් වැඩේ දෙයි.

Main News