යාපනයේ ආයුධ කල්ලියකින් නැවත ප්රහාරයක්.. නින්ජා ඇදුම් ඇදගෙනවිත් කපා කොට පලා යයි
June 27, 2017 at 5:30 pm | lanka C news
යාපනය මණිපායි ප්රදේශයේදී ඊයේ (26) රාත්රියේ යතුරුපැදි කිහිපයකින් තියුණු අයුධ සහිතව පැමිණි පිරිසක් විසින් පුදගලයෙකු කපා කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
මණිපායි ආනන්ද වෛරවල් කෝවිල් මන්සන්ධියේදී ඊයේ රාත්රි 8 ට පමණ යතුරු පැදි 4 කින් අට දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ ඇති අතර එහිදී තිදෙනෙකු විසින් අසල සිටි පුද්ගලයෙකු තියුණු ආයුද වලින් කපා පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය තොරතුරු අනාවරනය වී ඇත.
පහර කෑමෙන් තුවාල සිදුවී ඇත්තේ යාපනය මණිපායි ඉනුවිල්හි පදිංචි 26 හැවිරිදි ඇන්ටනීපිල්ලෙ ඩිනරෙක්ෂණ් නැමති මේසන් බාස් වරයෙකි.
මේ වන විට එසේ කැපුම් තුවාල ලත් පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබන අතර එසේ පහර දුන් පිරිස් නාදුනන බවටත් එම පිරිස් කලු රෙදි වලින් මුහුණ වසා පැමිණි අතරම යතුරුපැදි වල අංක තහඩුද ඉවත් කොට තිබූ බවට තුවාල වූ පුද්ගලයා විසින් පොලීසියට පවසා ඇති අතර අදාල පහර දුන් කණ්ඩායම සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ