යාපනයේ ආයුධ කල්ලි මඩින්න දිනපතා පුද්ගලයින් අත්අඩංගුවට…

November 19, 2017 at 5:30 pm | lanka C news
යාපනයේ ආයුධ කල්ලි මඩින්න දිනපතා පුද්ගලයින් අත්අඩංගුවට…

පසුගය දිනවල යාපනය දිස්ත්‍රීක්කයේ ඇති වූ නොසන්සුන් තත්වයන් පාලනය කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් දියත් කොට ඇති අතරම සැකකටයුත් සියලුම් පිරිස් අත්අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

මේ වන විට සැකකාර පුද්ගලයින් 11 දෙනෙකු පමණ අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කර මුදාහැරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

මේ අතර උතුරු පලාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාණ් ප්‍රනාන්දු මහතා පසුගිය දිනයන්හි අයුද ගත් පිරිස් විසින් ප්‍රහාරයන් සිදු කල ස්ථාන වෙතට හා ප්‍රහාරයන්ට ලක් වූ පුද්ගලයින් බැලීමට යාපනය ශික්ෂණ රෝහලට ගොස් ඇත.

මේ වන විටත් උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා විසින් උතුරු පලාතේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට ඇත්තේ යාපනයේ ඇතිවූ නොසන්සුන් තත්වය පාලනය කිරීමටත් මේ මස යෙදී ඇති එල්.ටී.ටී.ඊ මහවිරු සැමරුම් වෙනුවෙන් උතුරු පලාතෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් දියත් කිරීමටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12 views

One Comment to “යාපනයේ ආයුධ කල්ලි මඩින්න දිනපතා පුද්ගලයින් අත්අඩංගුවට…”

  1. Tax officer says:

    very good, must stop this at the start and not after they settled.

Main News