යාපනයේ ආරක්ෂක අංශ සතු නිදහස් කල හැකි සියලු ඉඩම් දෙසැම්බර් 31ට පෙර නිදහස් කිරීමට සාකච්චා..

October 19, 2018 at 6:30 am | lanka C news
යාපනයේ ආරක්ෂක අංශ සතු නිදහස් කල හැකි සියලු ඉඩම් දෙසැම්බර් 31ට පෙර නිදහස් කිරීමට සාකච්චා..

යාපනය ආරක්ෂක අංශ සතුව පවතින සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් 16 සවස සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේද සහභාගීත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

යාපනය දිස්ත්‍රීක්කයේ යුද හමුදාව,නාවික හමුදාව,ගුවන් හමුදාව හා පොලීසිය සතුව පවතින නිදහස් කළ හැකි ඉඩම් සියල්ල එළැඹෙන දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ජාව පවත්වා ඇත.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා මහතා, විජයකලා මහේශ්වරන් මහත්මිය, එම්.ඒ.සුමන්තිරන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති ‍මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා,යාපනය නාවික හමුදා ප්‍රධානීන්,යාපනය ගුවන් හමුදා ප්‍රධානීන් හා පොලිස් නිලධාරීන් පිරිසක් ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ජාව පැවැත්විණ.

ඊට අමතරව යාපනය දිස්ත්‍රීක්කයේ අදාල ඉඩම් ගැටලු ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් අයිති ප්‍රාදේශීය ලේකම්වරුන්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත.

කෙසේ වෙතත් යාපනය දිස්ත්‍රීක්කයේ ආරක්සක අංශ භාරයේ ඇති සාමාන්‍ය වැසියන්ගේ ඉඩම්හි බිම්බෝම්බ වැනි දෑ හැකි ඉක්මනින් ඉවත් කොට එම ඉඩම් සාමාන්‍ය වැසියන් වෙතට එලඹෙන දිනයන්හි කටයුතු කරන බවට මෙම සාකච්ඡාවේදී ආරක්ෂක අංශ පවසා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,239 views
Main News