යාපනයේ ආවා කල්ලියෙන් තිදෙනෙක් කපයි.. ප්‍රභලයෙක් අත්අඩංගුවට…

August 11, 2021 at 2:18 am | lanka C news
යාපනයේ ආවා කල්ලියෙන් තිදෙනෙක් කපයි.. ප්‍රභලයෙක් අත්අඩංගුවට…

යාපනය තෙලිප්පලෙයි පොලිස් බලප්‍රදේශයේදී 09 රාත්‍රියේ ආවා කල්ලියේ පහරදීමකින් පුද්ගලයින් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකල ආවා කල්ලි ප්‍රභලයෙකු 10 දින කඩුත් සමග අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

තෙලිප්පලෙයි මාර්ගයකදී ඊයේ රාත්‍රියේ මෙලෙස තියුණු ආයුධවලින් පහරදීම සිදුව ඇති අතර පහරදීම සිදුකරන ලද ආවා කල්ලි සාමාජිකයින් පිළිබඳව ලැබුනු තෙරතුරකට අනුව තෙලිප්පලෙයි අපරාධඅංශ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම් කාලයේදී විශේෂ වැටලීමක් සිදුකොට ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයෙකු අධිබලැති එන්ජින් ධාරිතාවයෙන් යුතු යුතුපැදි දෙකක් හා කඩු දෙකක්ද සමගින් අතඅඩංගුවට ගැනීම සිදුවිය.

අත්අඩංගුවට ගත් සැකකරු තෙලිප්පලෙයි ප්‍රදේශයේම සැකකරුවෙකු වන අතර සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රාත්‍රිකාලයේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයින් සතු අධික වේගයෙන් ගමන්කල හැකි යතුරුපැදිද රැගෙන යන බවටද පවසා ඇත.

පහරකෑමෙන් තුවාල ලැබූවන් තෙලිප්පලෙයි රෝහලට අතුලත් කොට ඇති අතර සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,294 views

3 Comments to “යාපනයේ ආවා කල්ලියෙන් තිදෙනෙක් කපයි.. ප්‍රභලයෙක් අත්අඩංගුවට…”

  1. Anna says:

    බටහිර දේශපාලන බලවේග මගින් කරපු අති ප්‍රබල බලපෑම් නිසා දහස් ගානක් මිනීමරු කොටි තවදුරටත් සමාජයේ ඉන්නවා. මුන් භීෂණකාරී ක්‍රියා හැර වෙනත් දෙයක් කිරීමට දන්නේ නැහැ. එකා දෙන්නා මේ විදිහට මැරිලා යන්න තමා ස්වාභාව ධර්මය ඉඩ සලසා දෙන්නේ.

  2. MD says:

    රනිල් සජිත් රාජිත අනුර TNA පාර්ලිමේන්තු මන්ත්‍රීන් තවම ඉන්න නිසා හිතනවා ඇති මොකක් හරි ෂේප් ඵකක් දාගෙන මාරු වෙන්න පුලුවන් කියලා.මම හිතන්නේ ඵ්වානම් වානා කියලයි.දමිළ භාෂාවෙන් බැ කියල නේද වානා කියන්නේ.හරිද මන්දා?

  3. 2025 says:

    ඡන්දේ ලගයි වගේ.

Main News