යාපනයේ ‘ආවා’ ප්‍රහාරයක්.. ඉලක්කය මන්ත්‍රීවරයෙක්…
December 11, 2018 at 12:40 pm | lanka C news
යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පිරිසක් විසින් ඊයේ (10) සවස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහර දීමට ගත් උත්සහයකදී එම මන්ත්‍රීවරයා නොසිටීම හේතුවෙන් ව්‍යායාම මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි සිදු කොට පලා ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.
අදාල පහරදීම චුන්නාකම් පොලීසිය ආසන්නයේ පිහිටි ගෝල්ඩන් ජිම් නැමති ව්‍යායාම මධ්‍යස්ථානයට සිදුව ඇති අතර ඊයේ සවස යතුරුපැදි පහකින් 10 දෙනෙකු පැමිණ වලිකාමම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන තුවාකරන් නැමති මන්ත්‍රීවරයා සොයා ඇති අතර එම අවස්ථාවේදී අදාල මන්ත්‍රීවරයා ව්‍යායාම මධ්‍යස්ථානයේ සැගවී සිටීම හේතුවෙන් පැමිණි පිරිසට මන්ත්‍රීවරයා සොයා ගැනීමට නොහැකි වීමෙන් ව්‍යායාම මධ්‍යස්ථානයේ තිබූ ව්‍යායාම උපකරන වලට සහ ව්‍යායාම මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි සිදු කොට ඇති අතර වෙනත් පුද්ගල හානියක් සිදු කොට නොමැත.
ප්‍රදේශවාසීන් කියා සිටියේ ව්‍යායාම මධ්‍යස්ථානය ඇතුලු භූමිය එහි අයිතිකරු සවකැමත්තෙන් පොලීසියට පැවරීමට පියවර ගෙන ඇති අතර අයිතිකරු විදෙස්ගතව සිටින හෙයින් ඉඩම පොලීසියට පැවරීමේ නීතිමය කටයුතු අදාල තුවාකරන් නැමති මන්ත්‍රීවරයා සිදුකරමින් සිටි නිසා ඉඩම පොලීසියට පැවරීමට එරෙහිව ආවා කල්ලියෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවටයි.
කෙසේ වෙතත් චුන්නාකම් පොලීසිය ආසන්නයේම පිහිටි මෙම ව්‍යායාම මධ්‍යස්ථානය එල්ල වූ ප්‍රහාරය සමබන්ධයෙන් කිසිවෙකුත් චුන්නාකම් පොලීසියට අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිළිබඳ ප්‍රදේශවාසීන් දැඩි අප්‍රසාදය පලකොට සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
බලන් හිටියා දැන් හොදටම ඇති උතුර පාලනය යුද හමුදාවට බාරදිය යුතුය
Owa handikadal iskole lamayinta Kane paharawal dun weerayage golayinge wada . Api CCMP ekata kawuda Kare kiyala oppu karala penwanawa. Ctv camarawala apu wahana wagema kawuda awe kiyala record wela iwarayi. Handikadal hora wiruwanta lagadeema beheth labeyi
Pala gon nariya yanna . Tho sinhayekda nariyekda? Buru haraka . Oluwa athagala balapiya an enawada kiyala
Where are the politicians who bellowed that AVA group went underground in front of the Gota and Mahinda , imposing a self descipline.
ගෝටා…………………………. සුරෙස් සලේලාගේ වැඩ……………………..කලබල වෙන්න එපා …………………….බයියන්ට……. ටොයියන්ට…………….. තේරෙන්නේ