යාපනයේ ඉඩම් නිදහස් කරන්නැයි උතුරු ආණ්ඩුකාරයා හමුදාවට කියයි..

March 6, 2019 at 8:02 am | lanka C news
යාපනයේ ඉඩම් නිදහස් කරන්නැයි උතුරු ආණ්ඩුකාරයා හමුදාවට කියයි..

යාපනය ආරක්ෂක සේනා කලාපයේ ආරක්ෂක අංශ කඳවුරු සහිත ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති ‍මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා‍ අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණ.

යාපනය ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ නිදහස් කළ හැකි ඉඩම් සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා එහිදි සාකච්ඡා කරනු ලැබීය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කළ හැකි සියළුම ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගත යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේය.

යාපනය ආරක්ෂක සේනා කලාපය සතුව පැවති නිදහස් කළ ඉඩම් සම්බන්ධයෙන් හා නිදහස් කිරීමට නියමිත  ඉඩම් සම්බන්ධයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින්උතුරු ආණ්ඩුකාරවරයා දැනුවත කරන ලදි.

සාකච්ඡාව වෙනුවෙන් යාපනය ආරක්ෂක ‍සේනා මූලස්ථාන නිළධාරීන් හා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,984 Viewers

3 Comments to “යාපනයේ ඉඩම් නිදහස් කරන්නැයි උතුරු ආණ්ඩුකාරයා හමුදාවට කියයි..”

  1. Vanni Bandara says:

    ඔන්න ඉතින් ඕන නැති වැඩ වලට හොට දාන්ට පටන්ගත්ත.

  2. Dayani says:

    I think you have got the same infection like the Previous Governer Wigneswaran, who always wanted our forces to release land!!! Now how much land has been given so far and how much more do you think you want??
    This is just get rid of our forces in the North.!!! Tamils are migrants, they may own some lands but not the whole of the Northern Province, as some lands are obtained by false deeds.!!!!
    Like in any other country, some Sinhalese and Muslims want to have their their lands back, taken over by force by LTTE terrorists and how about that?? Are you willing release those lands too???

Main News