යාපනයේ කඩුවලින් කොටති.. පිරිසක් රෝහලේ…

March 10, 2020 at 5:30 pm | lanka C news
යාපනයේ කඩුවලින් කොටති.. පිරිසක් රෝහලේ…

යාපනය කොලොම්බුතුරෙයි ප්‍රදේශයේ තරුණයින් රැස්ව සිටි ස්ථානයකට ඊයේ (09) රාත්‍රියේ තියුණු ආයුධ සමග පැමිණි පිරිසක් විසින් පහරදීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.

කොලොම්බුතුරෙයි මන්සන්ධියේ අදාල තරුණයින් පිරිස රැස්ව සිටි අවස්ථාවේදී ඊයේ රාත්‍රියේ කඩු ඇතුලු තියුණු ආයුධ සහිතව පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදු කොට පලා ගොස් ඇති අතර අදාල පහරදීමෙන් තරුණයින් තිදෙනෙකු කැපුම් තුවාල සහිත රෝහල්ගත කොට ඇත.

මෙම පහරදීම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර යාපනයේ ක්‍රියාත්මක යැයි පැවසෙන් කල්ලියක පහරදීමක් හෝ පෞද්ගලික ආරවුලක් මත සිදුවූදැයි යන්න පිළිබඳව සෙවීමට යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

105 views

2 Comments to “යාපනයේ කඩුවලින් කොටති.. පිරිසක් රෝහලේ…”

  1. Gothabayya says:

    Heh Heh heh ..Api Nowei Onna …
    Chende kittuwela owwa balabal ainna welawak naha apita

    • Me says:

      කොයි නමෙන් අාවත් මඩේ ලැගපු මීහරක මඩෙන් ගොඩ එනව බොරු.

Main News