යාපනයේ කඩු කිනිසි ගත් බිහිසුනු කල්ලියක් යලි ක්‍රියාත්මකයි.. ඊයේ රාත්‍රියේ 8 දෙනෙකු කපලා.. පෙරේදා 4ක් කපලා…

November 15, 2017 at 12:00 pm | lanka C news
යාපනයේ කඩු කිනිසි ගත් බිහිසුනු කල්ලියක් යලි ක්‍රියාත්මකයි.. ඊයේ රාත්‍රියේ 8 දෙනෙකු කපලා.. පෙරේදා 4ක් කපලා…

යාපනය දිස්ත්‍රීක්කයේ කඩු කිනිසි ගත් තවත් බිහිසුනු කල්ලියක් විසින් ඊයේ (14) රාත්‍රියේ ස්ථාන 4 කදී පුද්ගලයින් 8 දෙනෙකු කපා පලා යාම හේතුවෙන් යාපනය ජනතාව තුල නැවතත් බියක් හට ගෙන ඇත.

මෙසේ ආයුධ ගත් පිරිස් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවටත් ආයුධ ගත් පිරිස් වලට මේ වන විට දේශපාලන ශක්තියක්ද ලැබී තිබීම හේතුවෙන් ජනතාව තුල දැන් දැන් යලි බියක් ඇතිව තිබෙන බවට යාපනයේ ජනතාව කියා සිටියහ.

මේ අනුව ඊයේ දින රාත්‍රියේ මණිපායි පොලිස් වසමේ සංගුවේලි උතුර ප්‍රදේශයේ අද දින විදෙස්ගත වීමට සූදානම් වූ පවුලක තිදෙනෙකු හා ත්‍රී රෝද රථ රියදුරෙකු ඊයේ රාත්‍රිෙය් යතුරු පැදි 5කින් පැමිණි පිරිසක් විසින් කපා දමා පලා ගොස් ඇත.

ඩෙනිස්වරන් නැමති ත්‍රී රෝද රථ රියදුරෙකු පසුපස හඹා ආ යතුරුපැදි කල්ලියට බිය වූ ඩෙනිස්වරන් රවිශංකර් නැමත්තාගේ නිවසට දිව යාම නිසා නිවසේ සිටි රවිශංකර්,ශිවගුරුනාදන් පහීධරන් හා ඩෙනිස්වරන් යන අයට කඩු කිනිසි ගත් පිරිස් විසින් කපා පලා ගොස් ඇත.

එසේ මෙම යතුරු පැදි කල්ලිය යන අතරමගදී නැවත යාපනය පොලිස් වසමේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කුලසිංහම් කුලප්‍රදීපන් නැමත්තෙකුද කපාගෙන ගොස් ඇත.

අනතුරුව කෝපායි පොලිස් වසමේ මුකමඩම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ධනබාලසිංහම් එක්මන්රාජ් හා ජේසුදාසන් ජෙගන්දන් නැති දෙදෙනාටද තියුණු ආයුද වලින් කපා අදාල යතුරුපැදි කල්ලිය විසින් පලා ගොස් ඇත.

ඉන් අනතුරු ඊයේ රාත්‍රී 9.30 ට පමණ කොණ්ඩාවිල් බස්නැවතුම් පල ඉදිරිපිට පිහිටි වෙළඳසැලක් ඉදිරිපිට සිටි සේලවරාසා මණ්මාරන් නැත්තෙකුද තියුණු ආයුධ වලින් කපා කොටා  පලා ගොස් ඇති බවටද යාපනය පොලීසිය කියා සිටියේය.

මෙලෙස ආයුධ ගත් පිරිසක් විසින් ස්ථාන කිහිපයකදී පුද්ගලයින් කපා දැමුවද මේ දක්වා කිසිවෙක් පොලිස් අත්අඩංගුවට ගැනීම නොහැකි වී ඇති අතර 13 වනදාද මණිපායි හා කෝපායි පොලිස් වසම්හි පුද්ගලයින් සිව් දෙනෙකු කපා කොටා ඇති බවටද යාපනයේ වැසියන් කියා සිටිති. කෙසේ වෙතත් අදාල කැපීම් හේතුවෙන් ගත වූ දින දෙක ඇතුලත පුද්ගලයින 12 දෙනෙකු  බරපතල කැපුම් තුවාල සහිතව මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16 views

4 Comments to “යාපනයේ කඩු කිනිසි ගත් බිහිසුනු කල්ලියක් යලි ක්‍රියාත්මකයි.. ඊයේ රාත්‍රියේ 8 දෙනෙකු කපලා.. පෙරේදා 4ක් කපලා…”

  1. Kings says:

    මේ වගේ ප්‍රවෘත්ති දාන්නත් එපා. සංහිඳියාවට, යහපාලනයට බාදාවක්. පොලීසිය අසරණයි.

    • Amda says:

      මුන් රජ කාලෙ එවුන්ද බන් මේ කඩු වලින් ඇර ගන්නෙ?

  2. LION says:

    සිරිසේන රනිල් වගකිය යුතුය

  3. sellasaami says:

    AAwath MaRa ge Naawath MaRa ge…

Main News