යාපනයේ කතෝලික දේවස්ථානයකට ප‍්‍රහාරයක්..

July 24, 2019 at 10:00 am | lanka C news
යාපනයේ කතෝලික දේවස්ථානයකට ප‍්‍රහාරයක්..

යාපනය, කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයක පිහිටි දේව සුරුවමක් කිසියම් පිරිසක් විසින් ඊයේ (23) රාත්‍රියේ කඩා දමා ඇති බව යාපනය පොලීසිය පවසයි.

යාපනය කොටුව ආසන්නයේ පිහිටි අදාල කිතුනු දේවස්ථානයේ ඉදිරිපස මෙම දේව සුරුවම ඉදිකොට තිබූ අතර එමගින් කිතුනු බැතිමතුන් විශාල පිරිසක් දෛනික ආගමික කටයුතු සිදු කරගත්හ.

එවැනි ආගමික වතාවත් සිදු කරන ලද දේව සුරුවම කඩා විනාශ පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර කිසියම් පිරිසක්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි පොලීසිය සැක පල කරන අතරම දේව සුරුවම කඩා දැමුනු පුද්ගයින් කවුරුන්දැයි යන්න සෙවීමට පොලීසිය විසින් පරීක්ෂණයක්ද අරඹා ඇත.

මීට පෙරද අවස්ථා කිහිපයකදීද යාපනය, වඩ්ඩු‍කොඩ්ඩෙයි හා මන්නාරම ප්‍රදේශයන්ගේ පිහිටි දේව සුරුවම් කිහිපයක් කඩා දමා තිබිණු අතර උතුරු පලාතේ පිහිටි කිතුනු දේව සුරුවම් කඩාදමන හෝ කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් ක්‍රියාත්මක වන බවට බියක් ඇති බවටද උතුරේ කිතුනු බැතිමතුන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13 views

6 Comments to “යාපනයේ කතෝලික දේවස්ථානයකට ප‍්‍රහාරයක්..”

  1. puncha says:

    Mekath kiyapiya MR ge wedak kiyala. Me Moosala anduwata Budu pilima kadana eka/ Suruwam kadana eka nawathwanna beriwa kohomada ratak palanaya karanne.

  2. Fernando says:

    “කැපූ රූපයක් උඩ අහසෙහිවත්,පාත පොලොවෙහිවත් ,පොලොවෙන්යට ජලහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයට සාදා නොගනුව ඊට නමස්කාර නොකරව .” නික්මයාම 20.කියවන්න .මෙය දෙවන පනතයි.

    මෙය කතෝලිකයන් නොදන්නේ ඇයි .

  3. sinha says:

    දකුණේ විශාල දේවස්ථාන ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කොට ගිනි තිබ්බේ බොදු බල සේනාව සහ සිංහලේ .මේකත් ඒ වගේ වැඩක්ද දන්නේ නැහැ .

    • Kadiya says:

      බොදුබල සේනාව පල්ලිවලට පහරදීමක් කලානම් කරුණාකර දිනය සහ වෙලාව සඳහන් කරන්න. බොරු කියන්නේ බෞද්ධයන් සහ කතෝලිකයන් අතර 4/21 පසු ඇතිවී තිබෙන බැඳීම ඉවසන්න බැරි උන්ය. එය UNP,JVP,NGO,USA සන්ධානයට හිතකර එකක් නොවේ. කතෝලිකයන්ට සහ පල්ලිවලට හොඳම ආරක්ෂාව තියෙන්නේ සිංහල බෞද්ධයන් අතරේය.

  4. LION says:

    පසුගිය කාලේ පල්ලි කොටින්ට කඩේ ගිය එකට තෑගි

    • 77 UNP says:

      එය පල්ලි කොටින්ට කඩේගියා කියා ලඝු කරන්න එපා. දෙමළ කතෝලිකයන් විශාල සංඛ්‍යාවක් සිටින අතරේ කිසි පැත්තක් ගැනීමට කතෝලික පල්ලියට නොහැකිවූ බව සත්‍යකි. එමෙන්ම යුද පෙරමුණේම සිටි අණදෙන නිලධාරීන් අතර බොහෝ කතෝලිකයන් මෙන්ම ක්‍රිස්තියනින්ද සිටියහ. එහිදී දිවිපිදූ අයගේ අවසාන කටයුතුවලටද මා සහභාගිවී ඇත. කතෝලිකයන් අප්‍රේල් බෝම්බයෙන් පසු තමන් මැරෙන්න ඇරපු සහ පාවාදුන් රනිල් – සිරිසේන සහ එහි රොඩු බොඩු වල එල්ලෙනවා බොරුය.

Main News