යාපනයේ කලු පටි විරෝධතා…

February 10, 2019 at 5:30 pm | lanka C news
යාපනයේ කලු පටි විරෝධතා…

යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් රජය විසින් මෙතෙක් විසඳුමක් ලබා නොදීමට විරෝධය පාමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති මෙම විරෝධතාවය අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින්  සංවිධානය කොට තිබුණි.

විරෝධතාවයේ නිරත වූවන් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අතුරුදහන් වූවන් වෙනුවෙන් පහන් දල්වා කලුපටි මුඛයේ බැඳගනිමින් රජයට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණී.

කලුපටි විරෝධතාවයට එක් වූළුන් කියා සිටියේ ,

‘යුද්දය අවසන් වී වසර 10ක් ගෙවීමට ආසන්න වුවද මේ වන තුරු අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් පැවති කිසිදු රජයකට ලබා දීමට නොහැකි වූ බවත් රජය සෑඹ විටම අතුරුදහන් වූවන්ගේ ගැටලුවේදී ජනතාව රවටමින් මගහරින් බවටත්ය.

එමෙන්ම යුද්දයෙන් පසුව ආරක්ෂක අංශ වෙතට භාර වූ ඇතම් තරුණයින්ද අද වන විට අතුරුදහන් වී ඇති බවටත් එම තරුණයින්ට කුමක්ද වූවේ යන්න මෙතෙක් හෙලි කිරීමට රජය අපොහොසත් වී ඇති හෙයින් වහාම අතුරුදහන් වූවන්ට සිදුවූවේ කුමක්ද යන්න පිළිබඳව පිළිගතහැකි විසඳුමක් එම වැසියන්ට මෙන්ම ලොවටම ඉදිරිපත් කිරීමට රජය විසින් පියවර ගත යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,696 Viewers

One Comment to “යාපනයේ කලු පටි විරෝධතා…”

  1. Rd says:

    They should also be given due place in our country.

Leave a Comment

Main News