යාපනයේ ක්‍රීඩාංගනයක් අසල කොටි බෝම්බ ගබඩාවක් හමු වෙයි…

January 24, 2019 at 8:40 am | lanka C news
යාපනයේ ක්‍රීඩාංගනයක් අසල කොටි බෝම්බ ගබඩාවක් හමු වෙයි…

යාපනය අම්පන් ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් ගොඩ ගෙන ඇත.

පේදුරුතුඩුව නාවික හමුදා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ඒ බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකා නලධාරීන් විසින් අම්පන් සිවනොලික් ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටි කැලෑවේ වලදමා තිබූ ස්ථානයන් පරික්ෂා කිරීමේදී අදාල කොටි බෝම්බ තොගය හමු වී ඇත.

එහදී වලදමා තිබියදී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 47 ක් සහ පකිස්තානයේ නිශ්පාදිත යුද ටැංකි විනාශ කල හැකි කිලෝ 13 ක් බරැති විශාල ප්‍රමාණයේ ප්‍රමාණයේ අධිබලැති පීඩන බෝම්බ  4ක් තිබී ගොඩ ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත්ව ඇත.

යුද සමයේධී අදාල බෝම්බ තොගය කොටි සාමාජිකයින් විසින් මෙම ස්ථානයේ වලක් කපා ගබඩා කොට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් සැක පල කර සිටි අතර ගොඩ ගත් බෝම්බ තොගය අධිකරණ නියෝගයකින් විනාශ කිරීමටද පියවර ගෙන ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

63 views
Main News