යාපනයේ කැනීමකින් වසර 600 කට වැඩි පැරණි චීන මැටි බඳුන් කොටස් හමු වෙයි..

October 25, 2018 at 8:02 am | lanka C news
යාපනයේ කැනීමකින් වසර 600 කට වැඩි පැරණි චීන මැටි බඳුන් කොටස් හමු වෙයි..

යාපනය අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේදී චීන පුරා විද්‍යා නිලධාරීන් පිරිසකට චීනයේ නිශ්පාදිත වසර 600 කට වඩා පැරණි මැටි බඳුන්වල කැබලි කොටස් රැසක් හමු වී ඇති බවට කැනීම් කටයුතු වල නිරත වූවන් පවසා සිටිති.

චීන ජාතික පුරා විද්‍යා නිලධාරීන් පිරිසක් විසින් අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ විශේෂ කැනීමක් සිදු කර ඇත්තේ මීට වසර ගණණාවකට පෙර යාපනය කොටුව ආශ්‍රිතව පැවති වානිජ කටයුතු සඳහා චීනයේද සම්බන්ධයක් ඇති බවට තොරතුරු අනාවරනය වීමත් සමගය.

මේ අනුව කැනීම්සිදු කරන ලද චීන ජාතික පුරා විද්‍යා නිලධාරීන් හට චීනයේ නිශ්පාදිත ඉතා පැරණි මැටි බඳුන්වල කැබලි 654ක් හමු වී ඇති අතර එම කැබලි වසර 600 කට වඩා පැරණි බවටද එම චීන ජාතික පුරා විද්‍යා නිලධාරීන් විසින් සැක පල කර සිටිති.

කෙසේ වෙතත් හමු වූ මැටි බඳුන් කැබලි වල කාල නිරනය කිරීම සඳහා චීන ජාතික පුරා විද්‍යා නිලධාරීන් විසින් එම කැබලි චීනයේ ෂැන්හයි විශ්ව විද්‍යාලය වෙතට යැවීමට කටයුතු යොදා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

38 views

5 Comments to “යාපනයේ කැනීමකින් වසර 600 කට වැඩි පැරණි චීන මැටි බඳුන් කොටස් හමු වෙයි..”

  1. Widane says:

    Happa…. Kawda e Kaale Hitapu Rajapaksa ?

  2. Love nature says:

    ඉන්දියාව අපේ මිතුරෙක්ද?

    ඉන්දියාව ලංකාවේ දේශපාලනයට මුලින් ම ප්‍රවේශ වන්නේ ඉන්දියාවෙන් සංක්‍රමණය වූ දෙමළ කම්කරු ජනයා මුල්කරගෙන යි. දෙමළ කම්කරුවන්ට ලංකා භූමියෙහි ගෞරවාන්විත පුරවැසිභාවයක්‌ ලබාදීම ඉන්දියාවේ අරමුණ විය. ඒ ගැන සොයා බැලීමට 1939 වසරේ ජුනි මස ඉන්දීය කොන්ග්‍රසයේ නියමයෙන් ලක්‌දිවට පැමිණි ශ්‍රී ජවහර්ලාල් නේරු ඉන්දියානු කොංග්‍රසයට ලබාදුන් වාර්තාවේ මෙසේ දැක්‌වේ. ඉන්දීය කම්කරුවන්ගෙන් වැඩ අරගෙන ඉස්‌ම මිරිකා ගත් දෙහි ලෙල්ලක්‌ මෙන්, ඔවුන් රටින් නෙරපා දැමීම බරපතල වරදකි. විදෙස්‌ ගත ඉන්දියානු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන සොයාබැලීම ඉන්දියාවේ ද වගකීමකි. ලංකාවට ආසන්න රට ඉන්දියාවයි. එය ලංකාව ඉදිරියේ යෝධයකු මෙනි. ලංකාව මානසික වශයෙන් පීඩාවට ලක්‌කරන්නට අප සූදානම් නැත. මට අනාවැකි කිව නොහැකි යි. නමුත් බ්‍රිතාන්‍යයන් පිටව ගිය දවසක ලංකාවට තිබෙන පිළිසරණ කුමක්‌ ද? භූගෝලීය, දේශපාලනික හා ආර්ථික වශයෙන් ඉන්දියාව සමඟ ඇයි හොඳයියකින් ලංකාව වැඩ කළයුතු යි. ලංකාවේ ඇතැම් අය එවැනි සබඳකමකට කැමැති නැත. ලාංකිකයන් ඉන්දීය විරෝධයක්‌ දැක්‌වූවත්, අප එය ඉවසිය යුතු යි. ඉන්දියාව වටා තිබෙන කුඩා රටවලට හැකියාව තිබෙන්නේ ඔවුන්ගේ සංස්‌කෘතිය රැකගන්නට පමණ යි. ඒවාට ස්‌වාධීන පැවැත්මක්‌ නොමැත.
    ජවහර්ලාල් නේරු මහතාගේ අදහස්‌ එයින් පැහැදිලි යි. ඔහුගේ අදහස වුණේ ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබුණ පසු ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ විය යුතු බව යි.

    • Pradeep says:

      නේරුට ලංකාව ප්‍රාන්තයක් කරගන්නවට වඩා ඕන කමක් තියෙන්ඩ ඇත්තේ ඉන්දියාවට කීකරු ලංකාවක් භූතානය වගේ. ස්කීම් ඉන්දියාවට ඇතුලු කරගන්ඩ නේරුට ඕන උනේ නෑ. ඒක චීනෙත් එක්ක බෆර් සෝන් එකක් විදියට තියාගන්ඩයි ඕන උනේ. වතු කම්කරුවෝ ගැන කියද්දි අපේ වගේම බුරුමේ හිටිය දෙමල ජනතාව ඔක්කොම ඉන්දියාවට යැව්වා. හැබයි නේරුගෙන් පස්සේ

  3. LION says:

    1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 6115 ක්‌ ද උඩරට සිංහලයන් 3331 ක්‌ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්‌වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්‌ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්‌ටේ, මූලි, ආනෙයිකොට්‌ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්‌ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්‌ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්‌ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්‌සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක්‌ ද පුවඟු දිවයින කාරදිව කැස්‌බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්‌සක්‌ පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක්‌ ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එ අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව විය යුතුය.

    ඉංග්‍රීසි පාලන සමය අවස්‌ථාවේදී දහනවවන සියවස අවසාන භාගයේදී නැවතත් සිංහලයන් බේකරි කර්මාන්තකරුවන් ගඩොල් පෝරණුකරුවන් කම්මල්කරුවන් වශයෙන් යාපනයේ පදංචියට ගිය බව පැවසේ. කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසුද එසේ පදිංචියට ගිය සිංහල පිරිස විශාලය. නල්ලුර්, ජාවාකච්ෙච්රිය, කන්කසන්තුරේ ආදී තැන්වල සිංහලයන් ගේ ගම්බිම් පැතිර පැවතුණි. නවසිය අසූව දශකයේදී නල්ලුර්වල නිවාස යොජනා ක්‍රමයක්‌ සකස්‌ කර දී සිංහලයන් නැවත පදිංචි කිරීමට සලස්‌වා ඇත. 1981 වන විට සිංහලයන් 6615 ක්‌ යාපනයේ ද ජීවත්ව සිට ඇත. යාපනය කිලිනොච්චිය මන්නාරම සහ වවුනියාව යන දිස්‌ත්‍රික්‌ක හතරේම 1981 වර්ෂය වන විට සිංහල ජනගහනය 79530 ක්‌ වූ බව පෙනේ. මේ අලුත් ජනගහන තත්ත්වය වර්ධනය වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසුව ඇතිවූ යම් යම් ප්‍රතිසංස්‌කරණ නිසාවෙනි. එහෙත් අසූව දශකයේ ඇතිවූ දෙමල ජාතිවාදී කලබල නිසා උතුරෙන් සිංහලයන් නැවතත් පළවා හරින ලදහ. වර්තමානය වන විට උතුරේ සමස්‌ත සිංහල ජනගහනය විසිදාහකට අඩුය. මේ සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක්‌ ජීවත් වන්නේ මුලතිව් සහ වවුනියා දිස්‌ත්‍රික්‌කයන් තුළය.

  4. Love nature says:

    ශ්‍රී ලංකාවත් චීනයත් අතර පවතිනුයේ අනුරාධපුර යුගයේ මුල් කාලයට තරම් අතීතයට දිවයන ශක්‌තිමත් සංස්‌කෘතික සබඳතාවකි. ඒ පිළිබඳ සනාථ කරගත හැකි සාහිත්‍ය හා පුරාවිද්‍යා මූලාශ්‍රගත තොරතුරු බොහොමයකි. ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ රචිත සිහලවත්ථුපකරණයෙහි සිට 17 වන සියවසේ රචිත වන්නිරාජාවලිය දක්‌වා සාහිත්‍ය කෘති කිහිපයකින් ම චීනය සමග පැවති සබඳතා අනාවරණය කර ගත හැකි ය. එසේම ක්‍රිස්තු වර්ෂ 5-7 සියවස්‌ කාල අතර ශ්‍රී ලංකාවට පැමිණි පාහියන් (Fa Hsian) හා හියුංසෑං (Hsuan Tsan) යන භික්‍ෂූන්ගේ වාර්තාවලින්ද ඒ බව තවදුරටත් තහවුරු කර ගත හැකි ය. දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ම චීන කාසි, සෙරමික්‌ බඳුන් හමුවී ඇති අතර ගාල්ලෙන් චීන භාෂාව ද ඇතුළු ෙත්‍රෙයිභාෂික ශිලා ලේඛනයක්‌ ද හමු වී තිබේ. චීනයෙහි හෑන් රාජවංශයට අයත් (Han Dainasty) සොහොන්වලින් ද ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද ඇත්දළ, මුතු, අර්ධ මැණික්‌ සහ පබළු මාල හමුවී තිබීමත් ටෑන් රාජවංශ සමයට අයත් ඓතිහාසික වාර්තාවල සඳහන් තොරතුරුත් ඒ පිළිබඳ වැදගත් සාධක වේ. මහානාම රජු (ක්‍රි.ව. 410-430) චීනයේ, ලියු-සුං අධිරාජයාටත් සිලාකාල රජු (522-535) ලියැන්ග් අධිරාජ්‍යයාටත් යවන ලද ලිපි පිළිබඳව ද මූලාශ්‍රගත තොරතුරු පවතී.

Main News