යාපනයේ කොරෝණා අවධානම වැඩිවෙයි.. ආසාදිතයින් 10,000 ඉක්මවයි.. මරණ 200 ත් පනියි..

August 24, 2021 at 2:08 am | lanka C news
යාපනයේ කොරෝණා අවධානම වැඩිවෙයි.. ආසාදිතයින් 10,000 ඉක්මවයි.. මරණ 200 ත් පනියි..

යාපනය දිස්ත්‍රීක්කය තුල දෛනික කොරෝණා ආසාදිතයින් අගය සීග්‍රයෙන් වැඩිවී ඇති අතර ආසාදිතයින් 10,000 ඉක්මවද්දි මරණ 200 වාර් තා වී ඇති බවට යාපනය දිස්ත්‍රීක් දිසාපති කනපතිපිල්ලෙයි මහේෂණ් මහතා පැවසීය.

යාපනයේ පවතින වත්මන් වාතාවරනය පිළිබඳව යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මාධ්‍යට අදහස් දක්වමින් දිසාපතිවරයා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසාපති වරයා පවසා සිටියේ ‘ගෙවී ගිය අවසන් දින කිහිපය තුලදී කොරෝණා මරණ සංඛ්‍යාව යාපනයේ වැඩිවීම මගින් මරණ 200 සීමාව ඉක්මවා ගිහින් තියෙනවා. ඒ වගේම ආසාදිතයින් 10,000 සීමාවත් ඉක්මවලා.  දෛනික පුද්ගල ආසාදිත අගය 130 ත් ඉක්මවලා.

‘මේ වන විට යාපනයේ පවුල් 3019 කටඅයත් පුද්ගලයින් 8616 ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට තිබෙනවා. පවතින තත්වය බොහෝ සෙයින් අවධානම් හෙයින් කිසිදු වැසියෙකු සිය නිවසෙන් පිටතට නොයන ලෙසටත් හැකි අයුරින් සෞඛ්‍ය නිලධාරීන්ට සහය ලබා දෙන ලෙසටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා . යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24,670 views

5 Comments to “යාපනයේ කොරෝණා අවධානම වැඩිවෙයි.. ආසාදිතයින් 10,000 ඉක්මවයි.. මරණ 200 ත් පනියි..”

  1. රටවැසි says:

    යාපනේ ජනතාව සතු දේශීය ප්‍රතීකාර ක්‍රම කෝ . පිරබාහරන් ට ආවැඩීම ට පමනද දැනගෙන හිටියේ .

  2. ඇයි දන්නේ නෑ නේද කොරෝනා වැඩි උනේ..කෙලවෙනකොට ආණ්ඩුවේ පිහිට , පොඩ්ඩක් කෙලින් කටින් ඉන්නකොට ඒකීය රාජ්‍ය….උතුරේ අයිතිකාරයෝ එකෙක් පේන්නවත් නෑ… ලැජ්ජයි කුජීතයි..

    • JOHN says:

      ඉන්දියාවෙන් ,කොරෝනා ,ඩෙල්ටා වෛරස් ඇති දමිළ නෑදා පරපුර යාපනේට ගෙනෙල්ලා ..දෙවියන්ට පුජා තියපියව් කොරෝනා මාරයා උබලව පිරපාකරන් යක්ෂයා ලගට රැගෙන යයි

  3. 3% ට බය බයියා. says:

    දකුණේ දේශප්‍රේමී වහල්ලු ඒකට කැමතියි .

    • sunimal says:

      යාපනේ ලෙඩ්ඩු තමයි දකුණට ඇවිත් මුළු රටටම කොරෝනා දුන්නේ .දෙන්නේ

Main News